ශ්‍රී පාද වන්දනාවේදී එක පඩිපෙළක වැඩි පිරිසක් එකවර රැඳී නොසිටින්නැයි දැනුම්දෙයි

Published in පුවත්
Friday, 12 December 2025 12:07

මෙවර ශ්‍රී පාද වන්දනාවේදී එක පඩිපෙළක වැඩි පිරිසක් එකවර රැඳී නොසිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්‌යේෂණායතනය සිරිපා බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරයි.

දිට්වා සුළිකුණාටුවේ බලපෑමෙන් ඇති වූ ආපදා තත්ත්වයත් සමග හැටන් පිවිසුම් මාර්ගයේ මහගිරිදඹේ සිරිපා මළුව ආසන්නයේ පිහිටි කසළ කන්ද නායයාම නිසා එම කසළත් සමග පස් හා ගල් කොටසක් සිරිපා මළුවට ආසන්න අත් වැට දක්වා පැමිණ අත් වැටටද සුළු හානි වී ඇති බවත්, එමනිසා එහිද අවදානමක් මතුව ඇති බැවින් හැකි හැම විටම හැටන් මාර්ගයෙන් පිරිපා කරුණා කිරීම සීමා කර රත්නපුර සිරිපාගම හා කුරුවිට එරත්න මාර්ගවලින් සිරිපා වන්දනා කරන ලෙසත්, රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ශාන්ත පද්මකුමාර හා ජාතික ගොඩනැගිලි පර්‌යේෂණායතනයේ දිස්ත්‍රික් ප්‍රධානී භූ විද්‍යාඥ ප්‍රධාන ඉංජිනේරු අභිත වනසුන්දර යන අය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිති.

රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පෙරේදා (10වැනිදා ) පැවැති රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී ඔවුහු මෙම ඉල්ලීම කළහ.

හැටන් මාර්ගයේ අදාළ ස්ථානය මේ වන විට පිළිසකර කර බැතිමතුන්ට වන්දනාවේ පැමිණීමට ඇති බාධා ඉවත් කර ඇතැයි ප්‍රධාන භූ විද්‍යාඥ ප්‍රධාන ඉංජිනේරු අභිත වනසුන්දර කීවේය.

නමුත් හා සිරිපා මළුව ආසන්නයේ කොටසක් මීටර් 600ක පමණ දුරක් නාය යාමෙන් එම ප්‍රදේශයටද යම් අවදානමක් මතුව ඇතත් සිරිපා වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට හා එම මාර්ගවලට ඉන් අවදානමක් නැති බවද යම් අවදානමක් මතු වුවහොත් ඒ සම්බන්ධයෙන් මාධ්‍ය මගින් දැනුවත් කරන බවද ඔහු අවධාරණය කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us