ලෝක බෞද්ධ සහයෝගීතා සමුළුවට ශ්‍රී ලංකාවත්  

Published in පුවත්
Tuesday, 09 December 2025 19:37

තායිලන්තයේ බැංකොක්හි වජිරවුද් විද්‍යාලයේ පැවති ලෝක බෞද්ධ සහයෝගීතාවයේ 31 වන මහා සමුළුව සහ එහි 75 වන සංවත්සර දියමන්ති ජුබිලි සැමරුම පසුගිය දෙසැම්බර් 5 වන දා සිට 6 වන දා දක්වා පැවැත්විණි.

මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලෝක බෞද්ධ සහයෝගීතාවයේ (WFB) ශ්‍රී ලංකා කලාපීය මධ්‍යස්ථානය වෙනුවෙන් එහි සභාපති ආචාර්ය සුදත් දේවපුර මහතා, ජාත්‍යන්තර කටයුතු නියෝජිත උප සභාපති නිෂාන් සේනාරත්න ද සිල්වා මහතා , උප සභාපති ජගත් සුමතිපාල ඇතුළු පිරිසක් සහභාගී විය.

දීර්ඝ කාලයක් සංවිධානාත්මක අක්‍රියතාවයක තිබු ලෝක බෞද්ධ සහයෝගීතා වේදිකාවට ශ්‍රී ලංකාව නියෝජනය මෙවර නියෝජිතයන් සහභාගී වීම‌ ඉතිහාසිකව හා සංකේතාත්මකව වැදගත් අවස්ථාවක් ලෙස සනිටුහන් වන බව නිෂාන් සේනාරත්න ද සිල්වා මහතා පවසා සිටියේය.

wfb nishan

දියමන්ති ජුබිලි සැමරුම සඳහා ලොව පුරා බෞද්ධ නායකයින්, ජාත්‍යන්තර නියෝජිතයින්, භික්ෂූන් වහන්සේලා, විද්වතුන් සහ මානුෂීය සංවිධාන එක්රැස් කර ඇත්තේ වසර 75 ක අධ්‍යාත්මික සහයෝගීතාව, සංස්කෘතික එකමුතුකම සහ ගෝලීය සේවය පිළිබිඹු කිරීම සඳහා ය.

මෙහි දී ප්‍රදර්ශන, කවුන්සිල රැස්වීම්, මණ්ඩල සාකච්ඡා සහ සංස්කෘතික ප්‍රදර්ශන ආදිය ජාත්‍යන්තර බෞද්ධ ප්‍රජාවේ විවිධත්වය සහ ශක්තිය ඉස්මතු කර තිබිණි.

මෙම සමුළුවේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් අදහස් දක්වමින් ආචාර්ය සුදත් දේවපුර මහතා නැවත ලෝක බෞද්ධ සහයෝගීතාවය සමඟ සම්බන්ධ වීමේ වැදගත්කම අවධාරණය කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us