මෙලෙස නඩු පවරා ඇත්තේ බෙලිහුල්ඔය සහ බණ්ඩාරවෙල ප්‍රදේශයේ නිවාඩු නිකේතනයකට සහ පුද්ගලික ආයතනයකට බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ.
බෙලිහුල්ඔය ප්‍රදේශයේ අදාළ නිවාඩු නිකේතනය විසින් රුපියල් 100 ක මිලකට අලෙවි කළ යුතු ලීටරයක පානීය ජල බෝතලයක් රුපියල් 400 ක මිලට අලෙවි කර ඇති බවයි සඳහන් වෙන්නේ.
එමෙන්ම රුපියල් 70 ක මිලකට අලෙවි කළ යුතු මිලිලීටර් 500 පානිය ජල බෝතලයක් රුපියල් 230 ක මිලට අලෙවි කළ බණ්ඩාරවෙල ඇල්ල ප්‍රදේශයේ පුද්ගලික ආයතනයකට ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් නඩු පවරා ඇති බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.

