ආපදා තත්වයෙන් සංචා­රක ප්‍රජා­වට කිසිඳු අන­තු­රක් නැහැ - අග­මැ­තිනි

Published in පුවත්
Monday, 08 December 2025 08:57

පැවති ආපදා තත්ත්වය හමුවේ මෙරට සිටින සංචා­රක ප්‍රජා­වට කිසිඳු අන­තු­රක් හෝ හානි­යක් සිදුවී නැතැයි අග­මැ­තිනි, ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය පැව­සු­වාය.

විදේශ කට­යුතු, විදේශ රැකියා සහ සංචා­රක අමා­ත්‍යාං­ශයේ පැවැති ශ්‍රී ලංකාවේ සිටින රාජ්‍ය තාන්ත්‍රික නියෝ­ජි­ත­යන් දැනු­ම්වත් කිරීමේ වැඩ­ස­ට­හ­න­කට එක්වෙ­මින් අග­මැ­ති­ව­රිය මේ බව කියා සිටි­යාය.

ගංව­තුර සහ නාය­යෑම් ව්‍යසන තත්ත්ව­යන් හමුවේ විදේශ රට­ව­ලින් ලබා­දුන් සහ­යෝ­ගය පැස­සු­මට ලක් කළ අග­මැ­ති­ව­රිය ශ්‍රී ලංකාව මෑත­කදී මුහුණ දුන් දරු­ණු­තම ව්‍යස­නය මෙය නමුත් ජන­තා­වගේ ශක්තිය සහ රජ්‍ය ආය­ත­න­වල මනා සම්බ­න්ධී­ක­ර­ණය සහ කැප­වීම හේතු­වෙන් සහන මෙහෙ­යුම් ක්‍රියා­ත්මක කිරීමේ දී සැල­කිය යුතු ප්‍රග­ති­යක් ලබා­ගැ­නී­මට හැකි වූ බව කීවාය.

මාර්ග අව­හි­රතා හේතු­වෙන් ප්‍රවේ­ශය සීමා වී තිබූ ප්‍රදේ­ශ­ව­ලට දැන් ළඟා විය හැකි අතර පොදු ස්ථාන සහ නිවාස යථා තත්ත්ව­යට පත් කර­මින් ආර­ක්ෂිත බව සහ­තික කිරීම සඳහා දැවැන්ත මෙහෙ­යුම් ක්‍රියා­ත්මක වෙමින් පව­තින බවත්, බල­පෑ­මට ලක් වූ ප්‍රදේ­ශ­වල සන්නි­වේ­ද­නය කට­යුතු සහ විදු­ලිය ලබා දීම යථා තත්ත්ව­යට පත් කර­මින් පව­තින බවත් අග­මැ­ති­ව­රිය කියා සිටි­යාය.

ත්‍රිවිධ හමු­දාව, පොලී­සිය, රාජ්‍ය නිල­ධා­රීන්, සෞඛ්‍ය සේව­ක­යන්, ස්වේච්ඡා සේව­ක­යන් සහ පළාත් පාලන ආය­ත­න­වල එක­මු­තු­කම සහ කැප­වීමේ ප්‍රති­ඵ­ල­යක් ලෙස අව­තැන් ජන­තා­වට සහන ලබා දීම, අව­දා­නම් ප්‍රදේ­ශ­ව­ලින් ජන­තාව ඉවත් කිරීමේ මෙහෙ­යුම් සහ අන­තු­රට පත් ජන­තාව ගලවා ගැනීමේ මෙහෙ­යුම් මෙන්ම හදිසි ආධාර බෙදා­හැ­රීම් කඩි­න­මින් සිදු වූ බව අග­මැ­ති­ව­රිය පැව­සු­වාය.

විදේශ කට­යුතු, විදේශ රැකියා සහ සංචා­රක නියෝජ්‍ය ඇමැති අරුන් හේම­චන්ද්‍ර, අග්‍රා­මාත්‍ය ලේකම් ප්‍රදීප් සපු­තන්ත්‍රි, විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශයේ ලේකම් අරුණි රණ­රාජා ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නයේ අධ්‍යක්ෂ ජන­රාල් මේජර් ජෙන­රාල් සම්පත් කොටු­වේ­ගොඩ (විශ්‍රා­මික), ශ්‍රී ලංකා සංචා­රක සංව­ර්ධන අධි­කා­රියේ සභා­පති බුද්ධික හේවා­ව­සම් මහත්ම මහ­ත්මීහු සහ­භාගි වී සිටි­යහ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us