දිවයිනේ සියලුම ජලාශවල ජල මට්ටම් සාමාන්‍ය තත්වයට පත්වෙමින් Featured

Published in පුවත්
Monday, 08 December 2025 07:19

දිවයිනේ සියලුම ජලාශවල ජල මට්ටම් සාමාන්‍ය ජල මට්ටමක් කරා පැමිණෙමින් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඉංජිනේරු එල්.එස් සූරියබණ්ඩාර මහතා පැවසුවේ වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ මිනුම් මධ්‍යස්ථානවල දත්ත අනුව කිසිදු ජලාශයක ගංවතුර මට්ටමක් කරා තවදුරටත් නොපවතින බවය.

එමෙන්ම පසුගිය පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය වූ මිලිමීටර් 50-100ත් අතර ප්‍රමාණයක් ප්‍රධාන ජලාශ කිහිපයක් ආශ්‍රිතව වාර්තා වී ඇති බවත් ඒ අනුව කැලණි, කළු ගඟ ආශ්‍රිතව මිලිමීටර් 50-100ත් අතර ප්‍රමාණයක් මෙන්ම එමෙන්ම ගිං ගඟ සහ නිල්වලා ගඟ, අත්තනගලු ඔය ආශ්‍රිතව මිලිමීටර් 50ක වර්ෂාපතනයක් වාර්තාවූ බවත් ඒ මහතා සඳහන් කළේය.

කෙසේ නමුත් මෙම වර්ෂාපතනය ගංගාවල ජල මට්ටම් ඉහළ යාම සඳහා බලපාන වර්ෂාපතනයක් නොවන බවත් පැවසූ ඒ මහතා සඳහන් කර සිටියේ මේ සම්බන්ධව අනියත බියක් ඇති කරගත යුතු නොවන බවය.

එමෙන්ම දෙපාර්තමේන්තුව සතුව පවතින වාරි පද්ධති සැලකීමේදි ප්‍රධාන වැව් 30කට ආසන්න ප්‍රමාණයක වාන් දැමීම හෝ වාන් දොරටු විවෘත කිරීම සිදුකර ඇති බවත් වාන් දොරටු විවෘත කර ජලාශවල ජල මට්ටම් පහළ දැමීම සඳහා රාජාංගන, දැදුරු ඔය, නාච්චදූව, සේනානායක සමුද්‍රය, වෙහෙරගල සහ ලුණුගම්වෙහෙර වැනි ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

කෙසේ නමුත් එම ජලාශවල ජල මට්ටම් ඉහළ යාමකට තරම් ජල මට්ටමක් නිදහස් නොකරන බවත් පාලනයකින් යුතුව ඉදිරියේදී ලැබෙන වර්ෂාපතනය සැලකිල්ලට ගෙන එය කළමනාකරණ කර ගැනීම සඳහා ජල මට්ටම් අඩු කිරීම සිදුකරන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

එමෙන්ම ඉදිරි දින කිහිපයේත් වර්ෂාපතනය ලැබීමේ පුරෝකථන පවතින බැවින් මේ සම්බන්ධව අවධානය යොමු කරන ලෙසත් ඉදිරි තත්ත්වයන් සම්බන්ධව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුවත් කිරීම් සිදුකරන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us