වැස්ස වැඩි වුනොත් මොරගහකන්ද ජලාශය උපරිම ජල මට්ටමකට පැමිණෙතැයි අනතුරු ඇගවීම් Featured

Published in පුවත්
Saturday, 06 December 2025 07:25

ඉදිරියේදී වැසි තත්වයේ වර්ධනයක් ඇති වුවහොත් මොරගහකන්ද ජලාශය උපරිම ජල මට්ටම කරා පැමිණෙන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසයි.

එම අධිකාරිය නිකුත් කර ඇති නිවේදනයක සඳහන්ව ඇත්තේ උපරිම ජල මට්ටමේදී ජලාශයට ජලය ලැබෙන ශීඝ්‍රතාවය අනුව වාන් දෙරටු විවෘත කිරීමට පියවර ගන්නා බවය.
ඒ අනුව වාන් දැමීමේදී අඹන්ගඟට ජලය මුදා හැරෙන අතර එමගින් අඹන්ගඟේ හා මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාමක් සිදුවනු ඇති බවත් මහවැලි අධිකාරිය පෙන්වා දී තිබේ.

ඒ හේතුවෙන් අඹන්ගඟ සහ මහවැලිගඟ දෙපස ජනතාවට ජල මට්ටම් පිළිබඳව විමසිල්ලෙන් යුතුව කටයුතු කරන ලෙසත් එම අධිකාරිය දැනුම් දී ඇත.

මේ සම්බන්ධව මහවැලි අධිකාරිය විසින් පොළොන්නරුව ආපදා කළමනාකරණ ඒකකය වෙතද දන්වා යවා ඇති අතර එහි සඳහන්ව ඇත්තේ මේ වන විට මොරගහකන්ද ජලාශයේ සමස්ථ ජල ප්‍රතිශතය 98.87%ක් ලෙස පවතින බැවින් ඉදිරි දින වැසි තත්ත්වයේ වර්ධනය වීමක් සිදුවුවහොත් ජලාශයේ ජල මට්ටම් උපරිම අගය දක්වා පැමිණෙනු ඇති බවය.

ඒ අනුව වාන් දොරටු විවෘත කිරීමක් සිදුකළ හොත් ඒ පිළිබඳව ඇළහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ප්‍රචාරණ කටයුතු හරහා සියලු ජනතාව දැනුවත් කිරීමට කටයුතු කිරීමට මොරගහකන්ද කාර්යභාර ඉංජිනේරුවරයා විසින් මේ වන විට සිය කළමනාකරණ ඒකකය දැනුවත් කිරීමටද පියවර ගෙන ඇති බවත් සඳහන් වේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us