කාරක සභා අවස්ථාවේ විවාදයට එක් වෙමින් මෙම ඉල්ලීම කළ විපක්ෂ නායකවරයා මෙසේද පැවසුවේය.
මුළු රටටම දැවැන්ත විනාශයක් වෙලා තියෙන මේ වෙලාවෙත් ව්‍යසන තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා නැහැ. මෙවන් ආපදා අවස්ථාවක ව්‍යසන තත්ත්වයක් ප්‍රකාශයට පත් කළහොත් ආපදාවන්ට ලක්ව සිටින පිරිස්වලට ඉක්මනින් සහන දෙන්න පුළුවන්. වහාම ක්‍රියාත්මක වන පරිදි ව්‍යසන තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන්න. ඒ සඳහා පවතින අණපනත් ටිකවත් දන්නෙ නැහැ.

