පාර්ලිමේන්තු අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා අද (18) පවසා සිටියේ, එම දීමනාව එළැඹෙන මාසයේ සිටිම ලබාදෙන බවය.
මෙම දීමනාව පොලිස් නිලධාරීන්ගේ නිලඇඳුම් සහ සපත්තු වෙනුවෙන් ලබා දීමට නියමිත බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා,
"පොලිස් නිලධාරීන්ගේ නිලඇඳුම් සහ සපත්තු වෙනුවෙන් ඒ නිලධාරීන්ට දීමානාවක් දෙන්න ඊයේ කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්තා. ඒ අනුව පොලිස් නිලධාරියෙකු රුපියල් 7,000 බැගින් දීමනාවක් දෙන්න තීන්දු කරලා තියෙනවා. ඒ වෙනුවෙන් මිලයන 1,100ක් 2025 වර්ෂයට වෙන්කරලා තියෙනවා. ඒක ලබන සතියේ ඒ නිලධාරීන් වෙනුවෙන් අපි ගෙවනවා. එමෙන්ම නිලධාරීන්ගේ ක්‍රීඩා සපත්තු ඇඳුම් පැලඳුම් වෙනුවෙන් මුදලක් ඒ නිලධාරීන්ට ලබාදෙන්න කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්තා. ඒක ලබන සතියේ අපිට අනුමැතිය ලබාගන්න හැකියාව ඇතිවෙයි කියලා විශ්වාස කරනවා."

