ත්‍රිකුණාමලය වෙරළ මියගිය කකුළුවන්ගෙන් වැසේ

Published in පුවත්
Monday, 03 November 2025 09:12

සුළි කුණාටු තත්ත්වය පහව යෑමෙන් පසු මේ දිනවල ත්‍රිකුණාමල ඇතුල් වරාය හා පිටත වරාය වෙරළට මියගිය කකුළුවන් විශාල ප්‍රමාණයක් ගොඩ ගසා තිබේ.

මේ නිසා ඒ අවට අධික දුර්ගන්ධයක් පැතිර යන අතර නගර සභා හා ප්‍රාදේශීය සභා කම්කරුවන් යොදා මියගිය කකුළුවන් වෙරළේ වලවල් කපා වළ දැමීමට කටයුතු කරයි.

මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමල සහකාර අධ්‍යක්ෂ ඉෂාර ටී. කම්කානම්ගේ පැවැසුවේ සීත හා උෂ්ණ දියවැල්වල බලපෑම නිසා මෙම කකුළු විශේෂය මියගොස් ගොඩ ගැසීම ඇතිවීය හැකි ස්වභාවික තත්ත්වයක් බවයි. පසුගිය වසරේදිත් මෙම කාලසීමාව තුළ මෙවැනි තත්ත්වයක් දක්නට ලැබුණු බවත් මෙම කකුළු විශේෂය මිනිස් පරිභෝජනයට නුසුදුසු ධීවරයන්ගේ දැල්වලට හානි කරන බව සහකාර අධ්‍යක්ෂවරයා කීවේය.

මෙම තත්ත්වය එතරම් බිය වියයුතු තත්ත්වයක් නොවන බවත් එය ස්වභාවික තත්ත්වයක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us