හිටපු බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකරගේ නිල කාලය පසුගිය මාසයේ 22 වැනි දින අවසන් වූ අතර, මේ වන විට දෙවිනුවර මහා විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ තිළිණ මධුසංඛ වැඩබලන බස්නායක නිලමේ ලෙස පත් කර ඇත.
කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරාගනු ලබන්නේ දේවාලයට අදාළ ප්‍රධාන විහාරස්ථාන 4ක භාරකරුවන්, වැඩබලන බස්නායක නිලමේවරයා, බිබිල කොටබෝව කුඩා කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා සහ මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් 11 දෙනාගේ ඡන්ද ඇතුළුව සම්පූර්ණ ඡන්ද 17කිනි.
මේ වනවිට මෙවර නිලවරණය සඳහා රුසියාවේ හිටපු තානාපතිවරයකු, රන් භාණ්ඩ ව්‍යාපාරිකයකුගේ ඥාතියකු සහ ඌව පළාතේ ව්‍යාපාරිකයකු ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු විහාරස්ථාන වෙත පැමිණ ඇති බව විහාරාධිපති හිමිනමක් සඳහන් කර තිබේ.

