ගෘහස්ථ පොල් නාස්තිය අවම කිරීම පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඊයේ (16 වැනිදා) පැවැති වැඩසටහනකදී ඔහු මේ බව කියා සිටියේය. බැරල්වල පුරවන ලද පොල් තෙල්වල ප්‍රමිතිය සම්බන්ධව ගැටලු තත්වයන් පවතින බැවින්, ජනතාවට ප්‍රමිතියෙන් යුතු පොල් තෙල් පාරිභෝජනයට අවස්ථාව සැලසීම සඳහා පොල් සංවර්ධන අධිකාරියේ අනුමැතිය සහිත ෂැෂේ ඇසුරුම් අලෙවි කිරීම සම්බන්ධව අධිකාරිය අවධානය යොමුකර ඇත.
මේ අනුව, මිලි ලීටර් 150,මිලි ලීටර් 200 ආදී ලෙස විවිධ ප්‍රමාණවලින් ප්‍රමිතියෙන් යුතු පොල් තෙල් මිලදී ගැනීමට පාරිභෝගිකයාට අවස්ථාව ලැබෙන බවද අධ්‍යක්ෂවරයා කීවේය.ජනතාවට දරාගත හැකි මිලකට මිලදී ගත හැකි පරිදි මෙම ඇසුරුම් අලෙවි කිරීම සම්බන්ධව අධිකාරිය අවධානය යොමුකර ඇතැයිද ඔහු පැවැසුවේය.