දඹුල්ල විශේෂිත ආර්ථික වෙළඳ මධ්‍යස්ථානයේ ගොව් සංවිධානයේ හිටපු සභාපති, දඹුල්ල නාගරික මන්ත්‍රී කුඩා බණ්ඩා දිසානායක මහතා විසින් වන අලි උවදුරට පිළියමක් වශයෙන් වන අලින් හීලෑ කර විකිණීම හෝ ආගමික සිද්ධස්ථානවලට හෝ පුද්ගලයන්ට භාර දීම කළ යුතු බවට රජයට යෝජනාවක් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව නාගරික මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ මොරගහකන්ද වැනි මහ පරිමාණ සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමේදී අලි මංකඩ ඇහිරි යෑම වන අලින් ගම් වැදීමට බලපා ඇති බවයි.
එමෙන්ම වන අලින්ගේ වාසස්ථාන අහිමි වීමද අලි – මිනිස් ගැටුම් උග්‍රවීමට හේතුවන බව ඔහු දක්වයි.