වර්ණ සංඥා පද්ධතීන්වල සෙන්සර්ස් නොමැතිවීම හා අංකණයන් නොවීම මත මෙම තත්ත්වය උද්ගත වී ඇති බව රථවාහන හා මාර්ග ආරක්ෂක පොලිස් ඒකකයේ ආරංචි මාර්ග පවසයි.
උදෑසන සහ සවස කාර්යාල වේලාවන්වල මෙන්ම පාසල් අවසන් වන කාල සීමාවන්හි රථවාහන සංඥා පද්ධති ක්‍රියා විරහිත කිරීමට හා පොලිස් හස්ත සංඥාවලට අනුව රථවාහන පාලනය කිරීමට සිදුව තිබෙන බවද එම ආරංචිමාර්ග කියා සිටියි.
මේ අනුව ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව වර්ණ සංඥා පද්ධති නවීකරණය කිරීමට හා ස්වයංක්‍රීය අංකන ක්‍රියාත්මක කරලීමට සැලසුම් කර තිබෙන බවද මෙමගින් රථවාහන තදබදය පාලනය කරගැනීමේ හැකියාව පවතින බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ අවධානයද යොමුව ඇති බවද කොළඹ නාගරික කොට්ඨාසයද සඳහන් කරයි.