විපක්ෂය එකතු කිරීම එජාපයේ අභිප්‍රායයි

Published in පුවත්
Friday, 10 October 2025 20:23

එක්සත් ජාතික පක්ෂය සමග එකතු වී කටයුතු කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද (10) දින ප්‍රකාශ කළේ සියලු විපක්ෂ දේශපාලන පක්ෂ එකට එකතු විය යුතුයි යන්න එක්සත් ජාතික පක්ෂයේ අදහස වන බවයි.

'' අද දවසේ මාධ්‍ය හරහා විවිධ දේශපාලන කරුණු ඉදිරිපත් වෙමින් තිබෙනවා. නමුත් පසුගිය මාස හතරක, පහක කාලය තුළ සියලුම දේශපාලන පක්ෂ එකට එකතු විය යුතුයි කියන මතය ශ්‍රී ලංකාවේ සමස්ථ මහජනතාව තුළින් මතු වුණා.

එවැනි ප්‍රකාශයකට විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ විපක්ෂය ප්‍රතිචාරයක් දක්වලා තිබුණා. එය ඉතාමත් හොඳ ප්‍රතිචාරයක් විදිහටයි අපි දකින්නේ. ඒ ප්‍රතිචාරයේ හැටියට අපිට එම තත්ත්වය එක්සත් ජාතික පක්ෂයට වාර්තා කළාට පසු අපේ පක්ෂයේ කළමණාකාරීත්ව කමිටුවත්, කෘත්‍යාධිකාරී මණ්ඩලයත් ඒ පිළිබඳ අපේ අදහස ප්‍රකාශ කිරීමට නියමිතව තිබෙනවා.

කොහොම නමුත් අපේ අදහස ඇත්තටම ප්‍රකාශ වී අවසානයි. එහි අවසානය තමයි සියලු දේශපාලන පක්ෂ එකට එකතු විය යුතුයි කියන කාරණය. ඒ සඳහා තමයි අපේ පක්ෂයේ සංවත්සරයේ තේමාව සකස් කර තිබුණෙත්.

වගේම ලබන මාසයේ නුගේගොඩදී පැවැත්වෙන විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ ඒකාබද්ධ වී කරන දැවැන්ත රැළියේදීත් සියලු පක්ෂ එකට එකතු වි ක්‍රියාකිරීම තමයි එක්සත් ජාතික පක්ෂයේ අභිප්‍රාය වී තිබෙන්නේ.''

Last modified on Friday, 10 October 2025 20:24

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us