රාජ්‍ය සේවක වැටුප් වැඩි වීමේ දෙවැනි අදි­යර මෙවර අය-වැයෙන්

Published in පුවත්
Tuesday, 07 October 2025 08:41

වසර 2025 අය-වැයෙන් අදි­යර තුනක් යටතේ වැඩි කළ රාජ්‍ය සේවක වැටු­ප්වල දෙවැනි අදි­යර වැඩි වීම ලබන වසරේ අය-වැයෙන් සිදු කරන බව රජය ප්‍රකාශ කරයි.

ඒ අනුව වසර 2025 සිට ඉදිරි වසර තුන සඳහා රාජ්‍ය සේවක වැටුප් සිය­යට 60-80ත් අතර ප්‍රමා­ණ­ය­කින් ඉහළ දමා අදි­යර තුනක් යටතේ ගෙවී­මට රජය ක්‍රියා කරන බව කම්කරු ඇමැති සහ ආර්ථික සංව­ර්ධන නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සඳ­හන් කළේය.

මෙම වැටුප් වැඩි වීමෙන් 30%ක ප්‍රමා­ණ­යක් මේ වස­රේදී රාජ්‍ය සේව­ක­යන්ට ලබා දී ඇත. ඉතිරි මුද­ලින් 30%ක – 35%ක ප්‍රමා­ණ­යක් ලබන වසරේ අය-වැයෙන් ගෙවී­මට රජය ක්‍රියා කරන බව ඇමැ­ති­ව­රයා කීය.

මෙරට රාජ්‍ය සේවක සංඛ්‍යාව ලක්ෂ 14කට ආස­න්නය. මෙම වැටුප් වැඩි වීම රාජ්‍ය අංශයේ මෙන්ම අර්ධ රාජ්‍ය, රාජ්‍ය ව්‍යව­සාය, විශ්‍රා­මි­ක­යන්ට පවා ගළ­ප­ව­මින් වැඩි­කොට ලබා­දී­මට 2025 අය-වැයෙන් යෝජනා කොට ක්‍රියා­ත්මක කොට ඇතැයි ද ඇමැ­ති­ව­රයා වැඩි­දු­ර­ටත් අව­ධා­ර­ණය කළේය.

රජයේ විය­ද­ම්ව­ලින් වැඩිම මුද­ලක් රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම් ඇතුළු පුන­රා­ව­ර්තන විය­දම් සඳහා වැය වන බව ද ඔහු සඳ­හන් කළේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us