වාහන අලෙවිය අඩුවෙයි

Published in පුවත්
Tuesday, 07 October 2025 07:42

වාහන අලෙවිය අඩුවී ඇතැයි වාහන ආනයනකරුවෝ කියා සිටිති. රජය විසින් වාහන ආනයනය සඳහා ඉකුත් ජනවාරි මස 28 වැනිදා අවසරය ලබාදුන්නේය.

වාහන ආනයනය සඳහා අවසරය ලබාදීමෙන් පසුව මුල් මාස තුන හතර තුළදී දිනකට වාහන දහයක් පමණ අලෙවි කෙරුණද, මේ වනවිට අලෙවි වන්නේ සතියකට වාහන දහයක් හෝ ඊට අඩු සංඛ්‍යාවක් බවද වාහන ආනයනකරුවකු කියා සිටියේය.

අලුත් වාහනයක් මිලදී ගැනීමේ අපේක්ෂාවෙන් සිටි බොහෝ දෙනකු මුල් මාස කීපයේදී වාහන මිලදී ගැනීම නිසා මේ වනවිට වාහන ඉල්ලුම අඩුවීමට බලපා තිබෙන බවද වාහන ආනයනකරුවෝ පවසති.

වාහන අලෙවිය අඩුවී ඇතිවා සේම වාහනවල මිල ගණන්වලද යම් අඩුවීමක් සිදුවී ඇතැයිද වාහන ආනයනකරුවෝ කියා සිටිති. ජපානයේ වාහන වෙන්දේසිවල වාහන මිල ගණන් අඩුවීම ඊට බලපා ඇතැයිද ඔවුහු සඳහන් කරති.

වෙළෙඳපොළේ රුපියල් ලක්ෂ 100 ක වාහනයක මිල රුපියල් ලක්ෂ පහකින් පමණ අඩුවී ඇතැයිද, රුපියල් ලක්ෂ 200 ක වාහනයක මිල රුපියල් ලක්ෂ 10 ත් 15 ත් අතර මිලකින්ද අඩුවී ඇතැයිද වාහන අලෙවිකරුවෝ පවසති.

ඉකුත් අගෝස්තු මාසයේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 249 ක වාහන ආනයනය කර ඇති අතර, ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළදී එක්සත් ජනපද ඩොලර් මිලියන 918 ක වාහන ආනයනය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

අලුත් වාහන වෙළෙඳපොළට පැමිණීමත් සමග භාවිත කරන ලද වාහන සඳහා ඇති ඉල්ලුමද විශාල ලෙස පහත වැටී ඇතැයිද වාහන ආනයනකරුවෝ කියා සිටිති.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us