2025 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ ! Featured

Published in පුවත්
Saturday, 27 September 2025 09:22

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මගින් සංවිධාන කරනු ලබන 2025 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් (27) ආරම්භවේ.

සැප්තැම්බර් මස (27) දින සිට එනම් අද සිට ඔක්තෝබර් මස (06) වන දින දක්වා පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා කාලය තුළ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

විදේශීය ප්‍රකාශන කුටි ඇතුළුව ප්‍රදර්ශන කුටි 500 ක පමණ ප්‍රමාණයකින් ප්‍රදර්ශනය සමන්විතය.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය ආරම්භ වන්නේ 1985 වසරේදීය. එහි ආරම්භක සභාපතිවරයා වූයේ ප්‍රවීණ ලේඛක ආචාර්ය කේ. ජයතිලක මහතාය. 1985 පොත් ප්‍රකාශකයන් 27 දෙනකුගේ සංඛ්‍යාවකින් ආරම්භ කරන ලද ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මේ වනවිට සාමාජිකයන් 150කට වැඩි සාමාජික සංඛ්‍යාවකගෙන් සමන්විත ශ්‍රී ලංකාවේ පමණක් නොව විදෙස් රටවල පවා පිළිගැනීමට ලක්ව තිබෙන සංගමයකි.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය ආසියා ශාන්තිකර ප්‍රකාශකයන්ගේ සංගමයේ සහ ජාත්‍යන්තර ප්‍රකාශකයන්ගේ සංගමයේ ද සාමාජිකයෙකි. සංගමය පොත් ප්‍රදර්ශන ක්‍රියාවලියට අවතීර්ණ වූයේ 1999 වසරේදීය. ජාතික පොත් ප්‍රදර්ශනය වශයෙන් නම් කළ ප්‍රදර්ශනය දින 4කට සීමා විය. එය පැවැත්වුණේ ජාතික කලාභවනේය.

විද්‍යුත් මාධ්‍ය ආගමනයත් සමගම පොතපතින් ඈත් වූ පාඨක ප්‍රජාව යළි පොතපත වෙත ළං කරලීමේ අරමුණින් යුතුව ආරම්භ කළ පොත් ප්‍රදර්ශන ක්‍රියාවලිය අතිශයින්ම සාර්ථක විය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us