ඔක්තෝබර් 01 වැනිදා සිට බස් වල යන මගීන් අනිවාර්යෙන්ම දැනුවත් වෙන්න ඕන නීතියක්

Published in පුවත්
Friday, 26 September 2025 07:24

ඔක්තෝබර් 01 වැනිදා සිට පෞද්ගලික බස් රථවල ගමන් කරන මගීන් අත ටිකට් පතක් තිබීම අනිවාර්යය බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි.

ඒ අනුව ලබන 01දා සිට සියලු බස් කොන්දොස්තරවරුන් සෑම මගියකුටම ටිකට්පත් නිකුත් කිරීම මෙන්ම මගීන් ද ටිකට්පත් ලබාගැනීම අනිවාර්යය බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ගාමිණි ජයසිංහ මහතා කියා සිටියේය.

සෑම බස් රථයකම ටිකට්පත් නිකුත් කරන යන්ත්‍ර භාවිත කළ යුතු බවට මේ වන විටත් උපදෙස් දී ඇති බව කියා සිටි සභාපතිවරයා මේ වන විටත් ඇතැම් බස් රථ එම ක්‍රමවේදය අනුගමනය කරන බවත් කියා සිටියේය.

ලබන 01දා සිට ටිකට්පත් නිකුත් නොකරන බස් කොන්දොස්තරවරුන්ට මෙන්ම ටිකට්පතක් නොමැති මගීන්ට ද නීතිය ක්‍රියාත්මක කරන බව කී ඒ මහතා මේ අනුව බස් හිමියන්ට නියම ආදායම් ලබාගත හැකි වනු ඇති බව ද කීවේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us