දක්ෂිණ අධිවේගී මාර්ගයේදී සිදු වූ අනතුරින් තරුණියක් ජිවිතක්ෂයට - තවත් කාන්තාවකට බරපතලයි

Published in පුවත්
Tuesday, 16 September 2025 11:41

පවුල් දෙකක සාමාජිකයන් අටදෙනෙකු ගමන් ගත් වෑන් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේදී ලොරියක ගැටීමෙන් අද (16) අලුයම මාරක අනතුරක් සිදුව තිබුණේ බොහෝදෙනාගේ නෙතට කඳුළක් එක්කරමිනි.

එම අනතුරින් තරුණියක් ජීවිතක්ෂයට පත්වූ අතර කුඩා දරුවන් තිදෙනෙකු ඇතුළු සෙසු පිරිස තුවාල ලැබීය.  ගාල්ල සිට කොළඹ බලා ධාවනය වූ ලොරි රථයක පිටුපසින් පැමිණි වෑන් රථයක් ගැටීමෙන් මෙම අතතුර සිදුව ඇත.

අනතුරින් දිවි අහිමි වුයේ ඕපාත වීරතොට මල් දූව ගෙදර,ඉද්ද කැටිය ප්‍රදේශයේ පදිංචිව සිටි පුෂ්පකුමාරි සඳමාලි නැමති 35 හැවිරිදි කේක් ව්‍යාපාරයක් කරන තරුණියකි.

ඊශ්‍රායලයේ සිට මෙරටට පැමිණීමට නියමිතව තිබූ සඳමාලිගේ සහෝදරයාව රැගෙන ඒමට කටුනායක ගුවන්තොටුපොළ වෙත තවලම සිට යමින් තිබූ වෑන් රථය මෙලෙස අනතුරට ලක්ව තිබුණි.

ගැලනිගම සහ කඩතුඩුව අන්තර් හුවමාරු මධ්‍යස්ථානය අතර කිලෝ මීටර් 9.6 දී සුපිරි වෙළෙඳසැල්වලට භාණ්ඩ බෙදා යළි කොළඹ බලා ධාවනය වෙමින් තිබූ ඩීපිෂර් ලොරි රථයක පිටුපස වෑන් රථය ගැටී අනතුර සිදුව ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ දී වෑන් රථය පදවා ඇත්තේ, සඳමාලි විවාහ ගිවිසගෙන සිටි තරුණයා වන අතර, ඔවුන් එළැඹෙන දෙසැම්බරයේ යුග දිවියට පිවිසීමට සිහින බලමින් සිටි යුවළකි.

සඳමාලි වෑන් රථයේ ඉදිරිපස වම්පස අසුනේ සිට ඇති අතර, අනතුරින් පසුව වෑන් රථයේ සිරවී සිටි තුවාලකරුවන් බේරාගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකා ගිනිනිවීමේ සහ ජීවිත ගලවා ගැනීමේ නිලධාරීන් සහ රථ වාහන පොලිස් නිලධාරීන් කඩිනමින් එම ස්ථානයට ගොස් තිබුණි.

ඔවුන් අනතුර වූ ස්ථානයට ළඟා වෙන විටත් එම මාර්ගයේ ගමන් ගත් වාහනවල සිටි පිරිස අනතුරට පත් පිරිස වෑන් රථයෙන් පිටතට ගෙන තිබූ අතර දරුවන් තිදෙනා කඩිනමින් රෝහල්ගත කර ඇත.

තුවාලකරුවන් කහතුඩුව වෑතර දිසා රෝහල වෙතත් හෝමාගම මූලික රෝහල වෙතත් යොමු කිරීමෙන් අනතුරුව කුඩා දරු තිදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත යොමු කර ඇතැයි රෝහල් ප්‍රකාශකයකු පැවසීය.

හෝමාගම මුලික රෝහලේ මේ වනවිට පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සහ එක් කාන්තාවක් ප්‍රතිකාර ලබන බව පොලීසිය පවසයි.

එම කාන්තාවගේ තත්ත්වය බරපතළ බවත් ඇය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද සඳහන් කරන පොලීසිය ඊශ්‍රායලයේ සිට පැමිණීමට නියමිතව තිබී ඇත්තේ එම කාන්තාවගේ සැමියා බව ද සඳහන් කළේය.

තුවාල ලැබූ දරුවන් තිදෙනා ඔවුන්ගේ දරුවන් බව ද අනාවරණය විය.

සිදුවූ අනතුර රියදුරුගේ අධික වේගය සහ නින්දයාම හේතුවන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.

අනතුරින් වෑන් රථයට දැඩි ලෙස හානි සිදුව තිබූ අතර ලොරි රථයේ පිටුපස පිටතට සුළු හානි සිදුව තිබූ බව පොලීසිය සඳහන් කරයි.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us