පරාජය පිළිබඳව අදහස් දක්වන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසන්නේ, ජනතාව ආණ්ඩුවට ලබාදී ඇති සංඥාවට අනුව ඉදිරියේදී කටයුතු කිරීමට සූදානම් බවයි.
එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ රජය විවේචනය කරමින් ගෙනගිය වැඩපිළිවෙල ජනතාව ප්‍රතික්ෂේප කර ඇති බවද ඔහු කියා සිටියේය.
නිමල් සිරිපාල ද සිල්වා මහතා නියෝජනය කරන බදුල්ල ආසනයෙන් ඔහුට අන්ත පරාජයක් හිමිවූ අතර, මෙවැනි ප්‍රතිපලයක් ලැබෙන බව එම ආසනයේ මැතිවරණ කටයුතු බාරව සිටි අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා මිට සතියකට පමණ පෙර ජනාධිපතිවරයාට දැනුම්දී තිබිණ.