කේබල් කාර් ව්‍යාපෘතිය යළි ඇරැඹීමට විරෝධය

Published in පුවත්
Monday, 15 September 2025 12:08

නානුඔය සිට නුවරඑළිය දක්වා පරිසර පද්ධතියට හානි කරමින් නුවරඑළිය කිකිළියාමාන රක්ෂිතය හරහා මීට පෙර ඉදිකිරීමට සැලසුම් කළ කේබල් කාර් ව්‍යාපෘතිය වර්තමාන රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරමින් සිටින බව පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරයි.

මෙම කේබල් කාර් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් කිකිළියාමාන රක්ෂිතයේ පරිසර පද්ධතියට සිදුවිය හැකි හානිය පිළිබඳව පරිසරවේදීන් දැක්වූ විරෝධය හමුවේ පසුගිය රජයන් විසින් එය නවතා දැමූ බව පරිසර යුක්ති කේන්ද්‍රයේ පරිසරවේදී ජනක විතානගේ පැවැසුවේය.

නමුත් වර්තමාන රජය යළිත් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරමින් සිටින බවත්, ජනාධිපති ලේකම් කාර්යාලයයේ නිලධාරීන්ගේ බලපෑම් මත මෙම ව්‍යාපෘතියට අනුමැතිය දීමට අදාළ රාජ්‍ය ආයතන මේ වනවිට කටයුතු කරමින් බවත් කී හෙතෙම වන සංරක්ෂණ ජනරාල්වරයා විශ්‍රාම ගැනීමට පෙර අවශ්‍ය ඉඩම් කොටස් නිදහස් කිරීමට අනුමැතිය ලබාදී ඇතැයිද පෙන්වා දුන්නේය.

කිකිළියාමාන යනු නුවරඑළියේ පිහිටා ඇති ශ්‍රී ලංකාවේ හයවැනියට උසම කඳු මුදුනයි. ජෛව විවිධත්වයෙන් පොහොසත් කිකිළියාමාන වනාන්තරයේ ශාක විශේෂ රැසක් දැකිය හැකිය. ඉන් සැලකිය යුතු කොටසක් මෙරටට ආවේණික ඒවාය. මෙම ශාක විශේෂ Orchidaceae, Rubiaceae, Lauraceae, and Myrtaceae වැනි පවුල්වලට අයත් වේ. Christisonia albida හා Impatiens repens වැනි දැඩි ලෙස වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ශාක විශේෂ ඇතුළුව තර්ජනයට ලක්ව ඇති ශාක විශේෂ සඳහා ද කිකිළියාමාන වනාන්තරය නිවහනක් බව ජනක විතානගේ පැවැසුවේය.

පරිසර ඇමැති වෛද්‍ය ධම්මික පටබැඳිගෙන් මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විමසීමේදී ඔහු කියා සිටියේ ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස අදාළ කේබල් කාර් ව්‍යාපෘතිය ඉකුත් රජය සමයේදී යෝජනාවී ඇති බවයි. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළහොත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිසර පද්ධතියට බලපෑමක් එල්ලවීමේ අවදානමක් පවතින බවද එමනිසා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉඩම් නිදහස් කිරීමට අනුමැතිය ලබාදී නැතැයිද ඇමැතිවරයා පැවැසීය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us