විදුලි සේවකයන් ඇරඹු වෘත්තීය ක්‍රියාමාර්ගය වැඩවර්ජනයක් දක්වා දිගු වන ලකුණු

Published in පුවත්
Tuesday, 09 September 2025 08:25

ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති විසින් ආරම්භ කර තිබෙන අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය වැඩවර්ජනයක් දක්වා දිගු කිරීමට සූදානම් වන බව වාර්තා වේ.

විදුලි බල මණ්ඩලයේ සේවකයන් විසින් ආරම්භ කර ඇති අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් රජය කිසිදු අවධානයක් මේ දක්වා යොමුකර නොමැති බැවින් මෙම තීරණය ගැනීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමය පවසයි.

මෙම සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත ඊයේ [8 වැනිදා] මාධ්‍යයට අදහස් දක්වමින් පැවැසුවේ විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති පස්වරු 4. 30 න් පසු අතිකාල සේවාවලින්ද ඉවත් වීමට ඊයේ [08 වැනිදා] තීරණය කළ බවය.

හෙතෙම කියා සිටියේ ජනතාව අපහසුතාවට පත්වෙන බැවින් අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියා මාර්ගයෙන් පමණක් වෘත්තීය සමිති නැවතුන ද රජය විදුලිබල මණ්ඩලයේ සේවකයන් සැහැල්ලුවට ගැනීමට කටයුතු කරන බවක් පෙනෙන්නට තිබෙන බවය.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට සේවකයන් කිසිදු අකමැත්තක් නොමැති වුවත් ගැටලුව තිබෙන්නේ එය සිදුකරන ආකාරය බවත් එයින් සේවකයන්ට විශාල හානියක් සිදුවන බවත් මෙහිදී ඔහු පැවැසුවේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us