අංශභාග රෝගයට වායු දූෂණය ප්‍රධාන සාධකයක්

Published in පුවත්
Tuesday, 09 September 2025 07:59

අංශ භාග රෝග තත්ත්වයට වායු දූෂණය ප්‍රධාන අවදානම් සාධකයක් බවට පත්ව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ, වෘත්තීය සහ ප්‍රජා සෞඛ්‍ය ඒකකයේ විශේෂඥ වෛද්‍ය ඉනෝකා සුරවීර පැවැසුවාය.

වායු දූෂණය නිසා ඇතිවන රෝග තත්ත්වයන් හේතුවෙන් වසරකට ලෝකයේ පුද්ගලයන් මිලියන හතක් මියයන බවද ඇය පැවැසුවාය.

ජාත්‍යන්තර නීල වර්ණ අහස්තල දිනය සැමරීමේ ජාතික උත්සවයට සමගාමීව ජාතික වායු තත්ත්ව වෙබ් අඩවිය ජනගත කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ ඊයේ (08 වැනිදා) පැවැති උත්සවයේදී ඇය මේ බව කියා සිටියාය.

වායු දූෂණය නමැති අවදානම් සාධකය නිසා පෙණහලු පිළිකාවලින් සියයට 29 ක්, අංශ භාගය නිසා සියයට 24 ක්, හෘදයාබාධවලින් සියයට 25 ක්, දීර්ඝ කාලීන පෙණහලු ලෙස රෝගවලින් සියයට 43 ක් වැනි ප්‍රතිශතයක් මියයන්නේ වායු දූෂණයේ බලපෑම මත බවද ඇය පැවැසුවාය.

දූෂිත වායු නිසා ඇතිවන කෙටිකාලීන සෞඛ්‍ය ගැටලු රැසක් ඇතිවන බවත්, අඩු බර සහිත දරුවන් ඉපදීමට සේම දියවැඩියා රෝග තත්ත්වයට ප්‍රධාන සාධකයක් බවට වායු දූෂණය පත්ව ඇති බවත් ඇය කියා සිටියාය.

ඩිමෙන්ෂියා හෙවත් අමතකවීමේ රෝගයට සේම වායු දූෂණය බලපාන බවත්, දරුවන් ඔටිසම් තත්ත්වයට පත්වීමට පවා වායු දූෂණය බලපාන බව පර්‌යේෂණවලින් සොයාගෙන ඇතිබවත් විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළාය.

නියුමෝනියාව වැනි තත්ත්වයන් ඇති කිරීමට වායු දූෂණය බලපාන බවත්, වායු දූෂණය යනු නිහඬ බරපතළ මාරකයක් බවත් ඇය පැවැසුවාය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us