රනිල් ආරාධනා කරොත් අපිත් එකතු වෙනවා - නාමල්

Published in පුවත්
Tuesday, 02 September 2025 14:55

එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනයට ආරාධනා කළහොත් පක්ෂය සමඟ සාකච්ඡා කර එහි යන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක හම්බන්තොට දීස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ පැවසීය.

මෙතෙක් ආරාධනයක් නිල වශයෙන් ලැබී නැතැයිද ඔහු සඳහන් කළේය. එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනය කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී ලබන 06 වැනිදා පැවැත්වීමට නියමිතය.

ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබෙන ආකාරයට ඔහු සියලුම විපක්ෂයේ සාමාජික සාමාජිකාවන්ට මෙම සම්මේලනයට ආරාධනා කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන්.

සාම්ප්‍රදායික ලෙස සිරිකොතේ සම්මේලනය නොපවත්තා සියලු දෙනාට ළඟා විය හැකි ස්ථානයක එය පැවැත්වීමට තීරණය කර ඇති බවද සඳහන්.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us