හිටපු ජනාධිපති රනිල් අද නඩුවට එනවාද ? නැද්ද?

Published in පුවත්
Tuesday, 26 August 2025 08:12

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව පොදු දේපළ පනත යටතේ වන චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව අද (26) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතය.

සිද්ධියට අදාළව පසුගිය 22 වෙනිදා අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපතිවරයා අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය.

ඒ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් එදින ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු අතර වෛද්‍ය නිර්දේශ මත ඊට පසුදින ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණි.

ඒ අනුව මේ වන විට හිටපු ජනාධිපතිවරයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඔහු අද දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුතු වේ.

කෙසේවෙතත් ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන විශේෂඥ වෛද්‍යවරුන් 5 දෙනෙකුගෙන් යුත් කමිටුවක් මඟින් ඔහු අධීක්ෂණය සිදුකරන අතර අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කරනවාද? නැද්ද? යන්න එම කමිටුව විසින් නිර්දේශ ඉදිරිපත් කරන බව වාර්තා වේ.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණයට පත්කළ විශේෂඥ වෛද්‍යවරුන් විසින් ඊයේ පස්වරුවේ නිකුත් කළ වෛද්‍ය වාර්තාව සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා අදහස් පළ කළේය.

"සවස 5 වනවිට පංච පුද්ගල විශේෂඥවරුන් කණ්ඩායමක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වාර්තාවක් ලබාදීලා තියෙනවා. ඒ වාර්තාවට අනුව ඔහු තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබාදීම අවශ්‍ය බව පවසලා තියෙනවා. ඒ අනුුව ඉදිරි පැය 24 තුළත් ඔහු ICU එකේ රැඳෙන්න ඕනේ කියන මතය තමා අපිට ලැබිලා තියෙන්නේ. ඒ අනුව කටයුතු සිද්ධ වෙයි. අපි කියන්නේ විචලනයට භාජනය වුණා එහි සංකූලතා මතුවුණා. එම සංකූලතාවලට ඉක්මනින් ප්‍රතිකාර නොකළොත් සංකීර්ණ සංකූලතා බවට පත්වෙයි. ඒ නිසා තමා ප්‍රතිකාර කරන්නේ."

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අද දෙරණ, කොළඹ ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ ප්‍රදීප් විජේසිංහ මහතාගෙන් විමසීමක් කළ අතර එහිදී ඔහු සඳහන් කළේ, මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නේ ද? නැද්ද? යන්න අද පෙරවරුවේ විශේෂඥ වෛද්‍යවරුන් විසින් ලබාදෙනු ලබන වෛද්‍ය නිර්දේශය අනුව තීරණය කරනු ලබන බවය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us