හිටපු ජනපති රනිල්ට දුන් දඩුවම ගැන උද්ඝෝෂණ කරන්න බැ ! වැඩ වරදී ! - ටිල්වින් Featured

Published in පුවත්
Monday, 25 August 2025 12:11

අධිකරණ තීරණයකට එරෙහිව පෙළපාලි යෑම හෝ කළු කොඩි ඔසවා උද්ඝෝෂණ කිරීම අධිකරණයට අපහාස කිරීමක් බව ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බන්ධනාගාරගත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනි.

ටිල්වින් සිල්වා වැඩිදුරටත් පැවසුවේ, රනිල් වික්‍රමසිංහ රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ මහජන මුදල් අවභාවිතාවක් සම්බන්ධ පරීක්ෂණයකින් පසුව බවයි.

ඔහුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, දෙපාර්ශවයේම කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය විසින් ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කළ බව ඔහු පැවසීය.

මෙය ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රශ්නයක් නොවන බවත්, ඒ සම්බන්ධයෙන් කිසිවකුත් කලබල විය යුතු නැති බවත් ඔහු අවධාරණය කළේය.

නීතියේ ස්වභාවය එසේ බවත්, ඕනෑම වැරදිකරුවෙකු සම්බන්ධයෙන් අධිකරණය කරුණු සලකා බලා ඇප ලබාදීම හෝ බන්ධනාගාරගත කිරීම සිදු කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.

අධිකරණ තීන්දුවකට එරෙහිව පෙළපාලි යෑම හෝ කළු කොඩි ඔසවා උද්ඝෝෂණ කිරීම රටේ අධිකරණයට අපහාස කිරීමක් බැවින්, එවැනි ක්‍රියාවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ටිල්වින් සිල්වා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us