බස් රථ සේවා ගැන තීරණයක්

Published in පුවත්
Monday, 25 August 2025 07:28

ලංකා ගමනා ගමන මණ්ඩලය සහ පෞද්ගලික අංශයේ දුරගමන් සේවා බස් රථ ඒකාබද්ධ කාල සටහනක් යටතේ ක්‍රියාත්මක කිරීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

කොළඹ - හලාවත, කොළඹ - පුත්තලම, කොළඹ - ආනමඩුව, කොළඹ -එළුවන්කුළම, කොළඹ - කල්පිටිය, මීගමුව - කල්පිටිය, කොළඹ - මන්නාරම, කොළඹ - තලෙයිමන්නාරම, කොළඹ - කුලියාපිටිය, කොළඹ - නිකවැරටිය, කොළඹ - කුළියාපිටිය, කොළඹ - අනුරාධපුර, කොළඹ - වව්නියාව, කොළඹ - කිලිනොච්චිය, කොළඹ - යාපනය, කොළඹ - කන්කසන්තුරේ, කොළඹ - කරෙයිනගර්, කොළඹ - තුන්නුක්කායි, යන ගමන් මාර්ග මෙම ඒකාබද්ධ කාලසටහන් ක්‍රමය යටතේ ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව අද (25) මධ්‍යම රාත්‍රියේ සිට කොළඹ බැස්ටියන් මාවතේ පිහිටි පෞද්ගලික බස් රථ අංගනයේ සිට එම ගමන්වාර ආරම්භ කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති පී.ඒ චන්ද්‍රපාල සදහන් කළේය.

එමෙන්ම මෙහිදී පැය හතරහමාරක ධාවන කාලයකින් පසුව බස් රථ රියදුරාට නිශ්චිත ස්ථානයකදී විවේක ගැනීම සඳහා ප්‍රතිපාදන සලසන බවද ඔහු පැවසීය.

තවද බස් රථයේ ගමන් ගන්නා මගීන් සඳහා සෞඛ්‍යාරක්ෂිතව ආපන ශාලාවක ආහාර පහසුකම් සැලසෙන්නේද යන්න පිළිබඳවද මෙහිදී නිරන්තර නියාමනයකට ලක්වන බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us