රනිල්ගේ තත්වය ගැන රෝහල් අධ්‍යක්ෂකගෙන් පැහැදිලි කිරීමක්

Published in පුවත්
Sunday, 24 August 2025 10:18

කොළඹ ජාතික රෝහලහි දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සෞඛ්‍ය තත්වය ගැන එම රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ මෙලෙස මාධ්‍යට සදහන් කර ඇත.

“ඔහුගේ වයස නිසා ඔහුගේ රුධිර පීඩනය තරමක් ඉහළ ගොස් තිබුණත් පූර්වාරක්ෂාවක් ලෙස අපි ඔහුව දැඩි සත්කාර ඒකකයට මාරු කළා පමණයි”

“ඔහුගේ තත්ත්වය බරපතළ නැහැ” වෛද්‍ය විජේසිංහ වැඩිදුරටත් පැවසීය.

ඔහු හෘද රෝග තත්ත්වයෙන් පෙළෙන බැවින් ඒ සම්බන්ධව ද දැඩි අවධානය යොමු කර ඇතැයි පවසන අතර හිටපු ජනාධිපතිවරයාගේ තත්ත්වය සාමාන්‍ය අතට පත් වූ වහාම ප්‍රභූවරුන් වෙනුවෙන් වෙන් කර ඇති ගෙවන අංක 15 ගෙවන වාට්ටුවට යොමු කිරීමට සූදානම් කර ඇති බවය.

තව දුරටත් ප්‍රතිකාර අවශ්‍ය නම් ජාතික රෝහලේ වෛද්‍ය දැඩි සත්කාර ඒකකය සූදානම් කර ඇති බව ද එම විශේෂ ආරංචි මාර්ග ද තහවුරු කළේය. හිටපු ජනාධිපතිවරයාට පපුවේ වේදනාවක් ඇති වී තිබෙන බවත්, රුධිර පීඩන මට්ටම අඩු නොවන බවත්, විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක විශේෂ අධීක්ෂණය යටතේ ඔහු ප්‍රතිකාර ලබන බවත් රෝහල් ආරංචි මාර්ග කියයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us