එසේම, 2022 සිට 2025 කාලසීමාව තුළ කිසිදු කාසි මුද්‍රණයක් සිදු කර නොතිබීම විශේෂත්වයක් වන අතර 2012-2021 කාලසීමාව තුළ රුපියල් බිලියන 12.9ක කාසි මුද්‍රණය කර තිබේ.
පසුගිය වසර 14 තුළ වැඩිම මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කර ඇත්තේ, 2020 වර්ෂයේදී වන අතර එම ප්‍රමාණය රුපියල් බිලියන 322.32ක් වේ. එම කාලසීමාව තුළ අඩුම මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කර ඇත්තේ 2014 වර්ෂයේදීය. ඒ රුපියල් බිලියන 45.46කි.
2012 සිට 2025 කාල සීමාව තුළ විවිධ ජනාධිපතිවරුන් යටතේ මුද්‍රණය කර ඇති සමස්ත මුදල් ප්‍රමාණය එමඟින් දක්වා ඇත.
මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේදී රුපියල් බිලියන 501.32ක්ද, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති සමයේදී රුපියල් බිලියන 1,118,92ක්ද, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති සමයේදී රුපියල් බිලියන 688,85ක්ද, රනිල් වික්‍රමසිංහ ජනාධිපති සමයේදී රුපියල් බිලියන 442.35ක්ද මුද්‍රණය කර ඇත.
2012 සිට 2025 කාලසීමාව තුළ එක් එක් මුදල් ඇමතිවරුන් සමයේ මුද්‍රණය කර ඇති සමස්ත මුදල මෙසේ ය.
මහින්ද රාජපක්ෂගේ කාලසීමාව තුළ රුපියල් බිලියන 988.66ක්ද, රවී කරුණානායකගේ කාලසීමාව තුළ රුපියල් බිලියන 646,17ක් ද, මංගල සමරවීරගේ කාල සීමාව තුළ රුපියල් බිලියන 472.75ක්ද, බැසිල් රාජපක්ෂගේ කාල සීමාව තුළ රුපියල් බිලියන 201.50ක්ද, රනිල් වික්‍රමසිංහගේ කාලසීමාව තුළ රුපියල් බිලියන 442.35 ක් වශයෙන් දක්වා තිබේ.
2012 වර්ෂයේදී රුපියල් බිලියන 69.99ක්ද, 2013 වර්ෂයේදී රුපියල් බිලියන 118.72 ක්ද, 2014 වර්ෂයේදී රුපියල් බිලියන 45,46ක්ද, 2015 වර්ෂයේදී රුපියල් බිලියන 281.33 ක්ද, 2016 වර්ෂයේදී රුපියල් බිලියන 173.23ක්ද, 2017 වර්ෂයේදී රුපියල් බිලියන 201.58ක්ද, 2018 වර්ෂයේදී රුපියල් බිලියන 163.97ක් මුදල් නෝට්ටු සහකාසි වශයෙන් මුද්‍රණය / ටංකනය කර ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලබා දී ඇත.
තව ද, 2019 වර්ෂයේදී රුපියල් බිලියන 217.97ක්ද, 2020 වර්ෂයේදී රුපියල් බිලියන 322.32ක්ද, 2021 වර්ෂයේදී රුපියල් බිලියන 210.00 ක්ද, 2022 වර්ෂයේදී රුපියල් බිලියන 259.21ක්ද, 2023 වර්ෂයේදී රුපියල් බිලියන 213.32ක්ද, 2024 වර්ෂයේදී රුපියල් බිලියන 225.62ක්ද,
2025.06.30 දින දක්වා කාලයේදී රුපියල් බිලියන 7.90ක්ද මුදල් නෝට්ටු සහකාසි වශයෙන් මුද්‍රණය / ටංකනය කර ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලබා දී තිබේ.
මුදල් ඇණවුම් කිරීමෙන් පසුව එම මුදල් තොග සැපයීමේ කටයුතු සඳහා සැලකිය යුතු කාලයක් ගත වන බවත් ඒ අනුව අදාළ මුදල් අමාත්‍යවරයාගේ හෝ ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයාගේ ධුර කාලය අවසන් වූ පසුවද අදාළ සැපයීමේ කටයුතු අඛණ්ඩව සිදු වන බවත් මහ බැංකුව සඳහන් කරයි.
මව්බිම පුවත් පත ඇසුරෙනි.