සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ බඳවා ගැනීම් වලට සීමා - පස් අවුරුද්දකට රට ගිය සෞඛ්‍ය සේවකයන් යළි රටට ගෙන්වීමටත් ආණ්ඩුව සැරසේ Featured

Published in පුවත්
Wednesday, 20 August 2025 08:06

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පුරප්පාඩු තනතුරු සඳහා නවක නිලධාරීන් බඳවා ගැනීම සීමා කර ඇති හෙයින්, විදේශ නිවාඩු අනුමත කිරීම තාවකාලිකව නතර කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් චක්‍රලේඛයක් මඟින් දැනුම් දී ඇත.

මෙම තීරණය, අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයේ රාජකාරි අඛණ්ඩව පවත්වාගෙන යාමට බලපෑ බව එම චක්‍රලේඛයේ සඳහන් වේ.

පසුගිය ආර්ථික අර්බුදය හමුවේ, රජයේ සේවකයන්ට වසර පහක වැටුප් රහිත නිවාඩු ලබාදී විදේශ රැකියාවල නිරතවීමට අවස්ථාව ලබාදී තිබුණි. එහෙත්, මෙම චක්‍රලේඛය මඟින් එම නිවාඩු ලබාදීම අවලංගු කර ඇති අතර, දැනට විදේශ රැකියාවල නිරත සේවකයන්ට නිවාඩු කාලය දීර්ඝ කිරීම ද නතර කර ඇත.

2025 අගෝස්තු 19 වන දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ, වසර පහක නිවාඩු ලබා විදේශ ගතවූ සෞඛ්‍ය සේවකයන් යළි රටට කැඳවීමට අමාත්‍යාංශය අවධානය යොමු කර ඇති බවයි.

ආර්ථික අර්බුදය හා දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් ඔවුන් රටට ආපසු පැමිණීමෙන් වැළකී සිටි බවත්, දැන් එම පිරිස ක්‍රමානුකූලව රටට පැමිණෙමින් සිටින බවත් ඔහු සඳහන් කළේය. එම සේවකයන්ට රැකියා ස්ථානවල පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් ද අමාත්‍යාංශය සලකා බලමින් සිටින බව ඔහු වැඩිදුරටත් පැවසීය.

සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති රවීන්ද්‍ර කහදවආරච්චි මහතා, මෙම විදේශ නිවාඩු තහනම අත්තනෝමතික හා අදූරදර්ශී තීරණයක් ලෙස හඳුන්වා ඇත. ඔහු පවසන්නේ, මෙම තීරණය හේතුවෙන් ජාතික රෝහල් පද්ධතිය, ජාතික ප්‍රතිශක්තීකරණ වැඩසටහන්, රෝගී සත්කාර සේවා ඇතුළු සෞඛ්‍ය සේවාවන් තවදුරටත් බිඳවැටීමේ අවදානමක් ඇති බවයි.

විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් නොදන්වා සේවය හැර විදේශ ගතවී රුකියා කරන බවත්, ඉකුත් 2023 වසරේදී හෙද නිලධාරීන් 592ක් සහ 2024 වසරේදී තවත් හෙද නිලධාරීන් 592 කු සේවය හැර ගොස් සිටින බවත් ඔහු පැවසීය.

පසුගිය වසරේදී (2024) වැටුප් රහිත නිවාඩු ලබාගෙන හෙදි නිලධාරීන් 487ක්, වෛද්‍යවරුන් 388ක්, නොදන්වා සේවය හැර ගිය වෛද්‍යවරුන් 217ක්, නොදන්වා සේවය හැර ගිය විශේෂඥ වෛද්‍යවරුන් 26, නිවාඩු ගෙන විදේශ ගතවූ විශේෂඥ වෛද්‍යවරුන් 22ක් සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

මෙම තහනම සෞඛ්‍ය සේවයේ පවතින පුරප්පාඩු තවදුරටත් උග්‍ර කරනු ඇතැයි හෙද සංගමය අනතුරු ඇඟවීය. එමෙන්ම, විදේශ ගතවූ සෞඛ්‍ය සේවකයන් යළි රටට කැඳවීමේදී ඔවුන්ට ආකර්ෂණීය රැකියා පරිසරයක් සහ පහසුකම් ලබාදීම තීරණාත්මක බව විශේෂඥයින්ගේ මතයයි. රජය මෙම තත්ත්වයට විසඳුම් ලබාදීමට කඩිනමින් ක්‍රියාකළ යුතු බවත්, එසේ නොවුනහොත් රෝහල් පද්ධතියේ බිඳවැටීම වැළැක්විය නොහැකි වනු ඇති බවත් සමස්ත ලංකා හෙද සංගමය අවධාරණය කරයි.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us