IMF බලකිරීමට විදුලි බල මණ්ඩලය ලාබ ලබා පෙන්වයි   Featured

Published in පුවත්
Monday, 18 August 2025 12:49

2025 ජූනි 30න් අවසන් වූ වසරේ දෙවන මූල්‍ය කාර්තුව තුළ දී රු. බිලියන 5.31 ක ලාභයක් වාර්තා කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය සමත්ව තිබේ.

මෙම දෙවන කාර්තුවේ දී විදුලි බල මණ්ඩලය ලාභ ලබන්නේ 2025 මාර්තු 31න් අවසන් පළමු මූල්‍ය කාර්තුවේ දී රු. බිලියන 18.47ක අලාභයක් වාර්තා කර තිබූ පසුබිමක දීය.

විදුලි බල මණ්ඩලයේ අලාබය අවසන් කර යළි ලාභ ලබන මට්ටමට ගැනීමට හැකිව තිබෙන්නේ 2025 ජූනි මාසයේ දී සිදුකරන ලද විදුලි ගාස්තු සංශෝධනයෙන් පසුවය.

වත්මන් රජය බලයට පැමිණීමෙන් පසුව මැතිවරණ වලදී දුන් පොරොන්දු අනුව 2025 ජනවාරි මාසයේ දී 20%කින් පමණ විදුලි ගාස්තු පහළ දැමීමක් සිදුකරනු ලැබීය. මණ්ඩලය පාඩු ලැබීමට එය හේතු විය.

මේ තීරණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැඩිව විවේචනය කළේය. ශ්‍රී ලංකාව එළඹ ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන මීළඟ වාරිකය ලබා ගැනීම සඳහා පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපනය කළ යුතු බවට බලපෑම් කළේය.

ඒ අනුව 2025 ජූනි මාසයේ දී විදුලි ගාස්තු ගැළපීමක් සිදු කර අවසන් වන තෙක් මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වාරිකය ලබා දීම අත්හිටුවා තිබිණි.

කෙසේ වෙතත් 2024 දෙවන කාර්තුවේ දී මණ්ඩලය ලැබූ රු. බිලියන 34.53ක ලාභය හා සැසඳීමේ දී 2025 ජූනි කාර්තුවේ ලැබූ ලාභය 85%කින් අඩු වීමක් පෙන්නුම් කරයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us