එහි ප්‍රාන තර්කය වී ඇත්තේ වර්තමාන නියෝජ්‍ය අමාත්‍යවරුන්ට නීත්‍යනුකුලව ඒ ඒ අමාත්‍යංශ වලට අදාලව කිසිදු වගකීම් පැවරීමක් සිදුව නොමැති නිසාය. සාමාන්‍යයෙන් කැබිනට් , නියෝජ්‍ය සහ රාජ්‍ය ආදී ලෙස පත් කරන අමාත්‍යවරුනට ඔවුන් වගකියන විෂය පථය සහ අදාල රාජ්‍ය ආයතනයන් නිශ්චිතව තීරණය කර ඒ බව ගැසට් නිවේදනය මඟින් ප්‍රසිද්ධ කරනු ලබයි.
නමුත් වත්මන් ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරුන්ට එලෙස විෂය පථයන් හෝ ආයතන වල වගකීම් පැවරීමක් සිදු කර නොමැත.
මේ තත්වය මත නියෝජ්‍ය ඇමැතිවරයකුට එරෙහිව වගකීම් ඉටු නොකිරීම හෝ එම වගකීමට අදාල විශමාචාරයන් ගැන හෝ විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමේ හැකියාවක් නැති බව පැවැසේ.
නමුත් විපක්ෂය පෙන්වා දෙන්නේ ආරක්ෂක විෂයට අදාල කැබිනට් ඇමැතිවරයා වන ජනාධිපතිවරයා විදේහ ගත වන අවස්ථාවලදී මෙම නියෝජ්‍ය අමාත්‍ය වරයාට ගැසට් නිවේදන මඟින් බලය පැවැරීමක් සිදු කරන බැවින් සහ ඔහු විසින් ඇතැම් තීන්දු ගැනීම සිදු කර ඇති බැවින් මෙම විශ්වාසභංගය ඉදිරිපත් කිරීමේ හෑකියාවක් තිබෙන බවය.
ඒ කෙසේ නමුත් වැදගත් කාරණය වන්නේ, වර්තමාන ආණ්ඩුවේ සිටිනවා කියන නියෝජ්‍ය ඇමැතිවරු 29 දෙනෙකු පමණ කිසිදු වගකිමක් නැති තනතුරු දරමින් ඒ වෙනුවෙන් වැඩි වැටුප් වරප්‍රසාද භුක්ති විදිමින් කරන්නේ කුමක්ද යන්න ගැනය.
නියෝජ්‍ය ඇමැතිවරුන්ට සාමාන්‍ය මන්ත්‍රීවරුන්ට වඩා වැඩි වැටුප් දීමනා, කාර්ය මණ්ඩල දීමනා සහ තවත් වරප්‍රසාද ගනනාවක් හිමිවේ. නමුත් ඔවුන් වගකියන නිශ්චිත රාජකාරියක් නැත.
මේ අනුව මෙයත් තවත් ආකාරයක රාජ්‍ය දේපොළ සහ මුදල් අවභාවිතා කරන දූෂණයක් මිස වෙන කිසිවක් නොවේ.
මේ තත්වයන් මත වැඩ බැරි ඇමැතිවරුන් සේම, වැඩ නියමයක් හෝ නොමැති විශාල ඇමැති මණ්ඩලයක් වර්තමාන ආණ්ඩුව ජනතාවගේ බදු මුදලින් නඩත්තු කරගෙන යෑම ගැනත් ඉදිරියේ දී තවත් චෝදනා එල්ල විය හැකිය.