SLS ලාංජනය හොරට යෙදු පානීය ජල බෝතල් 6,800 ක් විනාශ කිරීමට පියවර

Published in පුවත්
Monday, 24 February 2025 09:04

SLS ප්‍රමිති ලාංජනය හොරට යෙදු පානීය ජල බෝතල් 6,800 ක් විනාශ කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් පසුගිය ඔක්තෝම්බර් මස සිදුකරන ලද වැටලීමකට අදාළව සිදුකරනු ලැබූ නඩු පැවරීමකදී, ශ්‍රී ලංකා ප්‍රමිති ලාංජනය ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද යම් වෙළද නාමයක් සහිත පානීය ජල බෝතල් නිෂ්පාදනය කරමින් වෙළදපොලට නිකුත්කිරීමට පූගොඩ දන්ගල්ල ප්‍රදේශයේ පුද්ගලික සමාගමක් කටයුතු කර තිබුණි.

ඒ අනුව එම සමාගමට සහ එහි බදු ගැනුම්කාර සමාගමේ අධ්‍යක්ෂකවරයකු මෙන්ම කළමනාකරුවකුට රුපියල් ලක්ෂය බැගින් ලක්ෂ තුනක දඩ මුදල් නියම කිරීමට අධිකරණය නියම කර තිබේ.

එසේ නිෂ්පාදනය කර තිබු රුපියල් මිලියනයකට අධික වෙළදපොළ වටිනාකමක් සහිත පානීය ජල බෝතල් තොගය අධිකරණයේ අධීක්ෂණය යටතේ විනාශ කිරීමට පුගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය මගින් පසුගියදා නියම කරනු ලැබීය.

ඒ අනුව පසුගිය 20 වැනි දින අදාළ පානීය ජල බෝතල් තොගයෙන් ජලය ඉවත්කරනු ලැබු අතර හිස් බෝතල් ප්‍රතිචක්‍රීකරණය සදහා යොමු කරනු ලැබීය.

තවද අදාළ සමාගමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ SLS ලාංඡනය ව්‍යාජ ලෙස යොදා ගනිමින් අසත්‍ය නියෝජනයක් සිදු කර පාරිභෝගිකයා නොමග යැවීම හේතුවෙන් චෝදනා දෙකක් යටතේ නඩු පැවරීමටත් පියවර ගෙන තිබේ.

එම අධිකාරිය පැවසුවේ වෙළඳපොළේදී පරිභෝගිකයන්ට සිදුවන අසාධාරණයන් වැලක්වීමටත් මෙවැනි ක්‍රියාවන් මගින් පාරිභෝගිකයන් නොමග යැවීමට සහ රැවටීමට කටයුතු කරන වෙළදුන් සම්බන්ධව නිරන්තර අවධානයෙන් සිටිමින් ඔවුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමටත් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සෑමවිටම කටයුතු කරන බවය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us