පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් බරපතළයි

Published in පුවත්
Sunday, 23 February 2025 10:05

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තරමක් බරපතළ වී ඇතැයි වතිකානය නිවේදනය කරයි.

88 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප්වහන්සේ පසුගිය සතියේ දී රෝහල්ගත කෙරුණේ ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙනි.

පසුව උන්වහන්සේගේ පෙනහැළි දෙකේම නියෝමෝනියා රෝගී තත්ත්වයක් වර්ධනය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය ජීවිත අවදානම් මට්ටමක නොපවතින බව මීට දිනකට පමණ පෙරාතුව උන්වහන්සේගේ වෛද්‍ය කණ්ඩායම නිවේදනය කළත් මේ වනවිට උන්වහන්සේගේ තත්ත්වය බරපතළ වී ඇතැයි වතිකානය නිවේදනය කරයි.

ඒ ඊයේ දිනයේ දී දැරුණු ඇඳුම රෝගී තත්ත්වයකින් උන්වහන්සේගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය උත්සන්න වීමත් සමගය.

පාප්වහන්සේගේ ශරීරයේ රුධිර පට්ටිකා මට්ටම පහත යාමත් සමග උන්වහන්සේට රුධිරය ලබා දීමටත් සිදුව තිබුණි.

එමෙන්ම ශ්වසන අපහසුතා හේතුවෙන් ඔක්සිජන් ලබාදීමටත් වෛද්‍යවරුන් පියවර ගත් බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

එමෙන්ම නියුමෝනියා රෝගී තත්ත්වය වෙනුවෙන් කෙරෙන ප්‍රතිකාර ද තවදුරටත් ක්‍රියාත්මක යි.

මෙවන් පසුබිමක ලොව පුරා කිතුණු ප්‍රජාවගේ උත්තරීතර ආගමික නායකයා වන ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ සුවය පතා කිතුණු ප්‍රජාව යාඥා කිරීම් ආරම්භ කර තිබේ.

පාප්වහන්සේ සිය සෞඛය තත්ත්වය පිළිබඳව ජනතාවට විවෘතව දැනුම් දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීම් කර ඇතැයි සඳහන්ය.

වතිකානය උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වරින් වර නිවේදන නිකුත් කරන්නේ ඒ අනුව ය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us