සුර්යය බලය නවත්වන්නේ නැතැයි පාර්ලිමේන්තුවේ දී කී බලශක්ති ඇමති ඒ සඳහා බලපත්‍ර ලබාදීම අත්හිටුවයි   Featured

Published in පුවත්
Wednesday, 19 February 2025 17:53

සුර්ය බල විදුලිය නිපදවීම සදහා අවශ්‍ය බලශක්ති අවසර පත්‍රය (Energy Permit) ලබා ගැනීම සදහා අත්‍යවශ්‍ය මුලික අවසරයක් වන තාවකාලික අවසර පත්‍රය ලබාදීම බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ නියෝගය අනුව නවතා ඇත.

බලපත්‍රය නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීම සමග සුර්යය බලාගාර ඉදිකිරිම සදහා වන අවස්ථාව අහිමි වීම සිදුවේ. ලංකා විදුලිබල මණ්ඩලයේ ආරංචි මාර්ග සදහන් කරන ලද්දේ සුර්යය බලාගාර ඉදිකිරිම නවත්වාලීම සදහා අමාත්‍යවරයා විසින් වාචිකව මෙසේ දැනුම් දුන් බවය.

අද (19) දහවල් පාර්ලිමේන්තුවේදී අජිත් පෙරේරා මන්ත්‍රීවරයා අසන ලද ප්‍රශ්නයක් සදහා පිළිතුරු ලබාදෙමින් බලශක්ති අමාත්‍යවරයා පවසන ලද්දේ සූර්ය බල ශක්තිය ලබා ගැනීම සීමා කිරීමට, අඩු කිරීමට හෝ නැවැත්වීමට රජයේ කිසිඳු අදහසක් නොමැති බවය.

වැඩිදුරටත් අදහසක් දක්වමින් ඇමතිවරයා “සුර්යය බලය සීමා කිරීම වෙනුවෙන් කිසිඳු කමිටුවක් පත්ව කරලත්ව නෑ. 70%ක පුනර්ජනනීය බලශක්ති ඉලක්කයක් කරා යන ගමනක අපි ඉන්නේ. ඒ නිසා, සූර්ය බලශක්තිය අපට අවශයයයි. අපි, තිබූ තත්ත්වය ක්‍රමවත්ව කිරීමේ වැඩපිලිවෙලක් සිදුකරගෙන යනවා. අපේ බලශක්ති ප්‍රතිපත්තියට අනුව මෙගා වොට් 2000ක් කඩිනමින් ජාතික විදුලි බල පද්ධතියට එකතු කිරීමත් අපේක්ෂාවක්. ඒ නිසා බොරු ප්‍රචාර කරන්න එපා. ඒ වහේම බොරු ප්‍රචාරවලට අහුවෙන්නත් එපා.” යනුවෙන් පාර්ලිමේන්තුවේදී සදහන් කළේය.

එසේ ප්‍රකාශ කළ අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි විසින්ම මෙවන් නියෝගයක් ලබාදීම තිබීම විමතිය දනවන කරුණක් බව බලශක්ති අමාත්‍යාංශ ආරංචි මාර්ග සදහන් කරයි.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us