මේ වසරේ ඩොලර් බිලියන 7ක ප්‍රේෂණ අපේක්ෂාවක්  

Published in පුවත්
Wednesday, 12 February 2025 09:49

විදේශ රැකියාවලින් මෙම වසරේ ඇමෙරිකානු ඩොලර් බිලියන 7ක ප්‍රේෂණ අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

මෙම වසරේ දී ශ්‍රි ලාංකිකයින් 340,000 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ඒ සඳහා විදේශ රැකියා නියෝජිතායතන වලට විශාල කාර්යයක් ඇතැයි ද හෙතෙම පෙන්වාදෙයි.

කෝශල වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කලේ , 2025 වර්ෂයේ ඉලක්කගත විදේශ රැකියා 340,000 ක් සඳහා ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් යොමු කිරීම සම්බන්ධව බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ ප්‍රථම වැඩසටහනට එක්වෙමිනි.

මෙහිදි අදහස් දැක්වු කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක මහතා 2025 වර්ෂයේ දී විදේශ රැකියා මගින් අමෙරිකන් ඩොලර් බිලියන 7ක විගමනික ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයක් බලාපොරොත්තු වන බව සඳහන් කළේය.

2024 වර්ෂයේ දී ලාංකිකයින් 314,000 ක් පමණ රැකියා සඳහා විදේශ ගතවී ඇති අතර, එම වර්ෂයේ දී අමෙරිකන් ඩොලර් බිලියන 6.51 ක් විගමනික ශ්‍රමික ප්‍රේෂණ වශයෙන් ලැබුණු බව ඩී.ඩී.පී.සේනානායක මහතා සඳහන් කළේය.

2024 වර්ෂයේ දී විදේශ රැකියා සඳහා යොමුවූ ශ්‍රමිකයන් අතුරින් වෘත්තීමය රැකියා (Skill Job) සඳහා ඉන් සියයට 65 ක් හා අවම වෘත්තිමය රැකියා සඳහා (Low Skill Job) සියයට 35 ක ප්‍රමාණයක් පිටත්ව ගොස් තිබෙන බව සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

2025 වර්ෂයේ දී වෘත්තීමය රැකියා සඳහා ශ්‍රමිකයින් සියයට 75 ක් හා අවම වෘත්තීමය රැකියා සඳහා සියයට 25ක පිරිසක් යොමු කිරිමට සැලසුම් කරන බවද ඔහු සඳහන් කළේය. ඒ අනුව කුවේට් රාජ්‍යය සඳහා 84,000 ක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සඳහා 55,000 ක් සෞදි රාජ්‍යයේ රැකියා සඳහා 52,000 ක් යොමුකිරිමට බලාපොරොත්තු වේ. එසේම කාර්යාංශය මඟින් සෘජුවම රැකියා සඳහා යොමුකරන ඊශ්‍රායල් රැකියා 15,900, ජපානයේ රැකියා 9,000 ක්, දකුණු කොරියාව යන රටවල් සඳහා ශ්‍රමිකයන් 8,000 ක් යොමු කිරිමට කාර්යාංශය සැලසුම් කර තිබේ.

මෙම වැඩමුළුව සඳහා 2024 වර්ෂයේ දී මැදපෙරදිග කලාපයේ රටවල, ගෘහස්ථ නොවන රැකියා සඳහා අවම වශයෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 100 ට වැඩියෙන් යොමුකළ රැකියා නියෝජිතායතනවල බලපත්‍රලාභී පිරිසක් සහභාගි වූහ.

දිනමිණ

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us