අරගලයේ වන්දිය ජනතාව මත. ගිනි තැබූ නිවාසවලට රජය ගෙව් වන්දි මුදල් හෙළි කරයි.  

Published in පුවත්
Thursday, 06 February 2025 15:59

අරගලය පැවැති 2022 වසරේ අරගල කරුවන් විසින් ගිනි තබා තිබු නිවාස වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රජයෙන් ලබාගත් වන්දි මුදල් පිළිබඳ ලැයිස්තුව අද (06) පාර්ලිමේන්තුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා හෙළි කළේය.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මන්ත්‍රීවරුන් 43 දෙනෙකු ලබාගෙන ඇති වන්දි මුදල්වල සමස්ත වටිනාකම රුපියල් කෝටි 122.41ක් බවය.

මේ අතරින්, කෙහෙළිය රඹුක්වැල්ල රුපියල් ලක්ෂ 959ක් වන්දි මුදල් ලෙස ලබාගෙන ඇති අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු රුපියල් ලක්ෂ 934ක්, ගාමිණි ලොකුගේ රුපියල් ලක්ෂ 749ක්, අලි සබ්රි රහීම් රුපියල් ලක්ෂ 709ක් සහ නිමල් ලාන්සා රුපියල් ලක්ෂ 692ක් බැගින් රජයෙන් වන්දි ලබාගෙන ඇති බවය.

සම්පූර්ණ ලැයිස්තුව පහතින්,

කපිල නුවන් අතුකෝරළ - රුපියල් 504,000
විමලවීර දිසානායක - රුපියල් 550,000
ගීතා කුමාරසිංහ - රුපියල් 972,000
ජනක තිස්සකුට්ටිආරච්චි - රුපියල් 1,143,000
ගුණපාල රත්නසේකර - රුපියල් 1,412,780
ප්‍රේමනාත් සී දොලවත්ත - රුපියල් ලක්ෂ 23යි
ප්‍රියංකර ජයරත්න - රුපියල් 2,348,000
සම්පත් අතුකෝරළ - රුපියල් 2,540,610
ජයන්ත කැටගොඩ - රුපියල් 2,814,800
විමල් වීරවංශ - රුපියල් 2,954,000
මහාචාර්ය චන්න ජයසුමන - රුපියල් 3,334,000
අකිල එල්ලාවල - රුපියල් 3,554,250
චමල් රාජපක්ෂ - රුපියල් 6,539,374
චන්දිම වීරක්කොඩි - රුපියල් 6,948,800
අශෝක ප්‍රියන්ත - රුපියල් 7,295,000
සමන් ප්‍රිය හේරත් - රුපියල් ලක්ෂ 105.2යි
ජනක බණ්ඩාර තෙන්නකෝන් - රුපියල් ලක්ෂ 105.5යි
රෝහිත අබේගුණවර්ධන - රුපියල් ලක්ෂ 116.4යි
විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොළ - රුපියල් ලක්ෂ 137.8යි
සහන් ප්‍රදීප් - රුපියල් ලක්ෂ 171.3යි
ශෙහාන් සේමසිංහ - රුපියල් ලක්ෂ 185.1යි
ඉන්දික අනුරුද්ධ - රුපියල් ලක්ෂ 195.5යි
මිලාන් ජයතිලක - රුපියල් ලක්ෂ 223යි
වෛද්‍ය රමේෂ් පතිරණ - රුපියල් ලක්ෂ 281යි
දුමින්ද දිසානායක - රුපියල් ලක්ෂ 288යි
කනක හේරත් රුපියල් ලක්ෂ 292යි
ඩී බී හේරත් - රුපියල් ලක්ෂ 321යි
ප්‍රසන්න රණවීර - රුපියල් ලක්ෂ 327යි
ඩබ්ලිව් ඩී වීරසිංහ - රුපියල් ලක්ෂ 372යි
ශාන්ත බණ්ඩාර - රුපියල් ලක්ෂ 391යි
එස් එම් චන්ද්‍රසේන - රුපියල් ලක්ෂ 438යි
සනත් නිශාන්ත - රුපියල් ලක්ෂ 427යි
සිරිපාල ගම්ලත් - රුපියල් ලක්ෂ 509යි
අරුන්දික ප්‍රනාන්දු - රුපියල් ලක්ෂ 552යි
සුමිත් උඩුකුඹුර - රුපියල් ලක්ෂ 559යි
ප්‍රසන්න රණතුංග - රුපියල් ලක්ෂ 561යි
කෝකිලා ගුණවර්ධන - රුපියල් ලක්ෂ 587යි
මොහාන් පී ද සිල්වා - රුපියල් ලක්ෂ 601යි
නිමල් ලාන්සා රුපියල් ලක්ෂ - 692යි
අලි සබ්රි රහීම් - රුපියල් ලක්ෂ 709යි
ගාමිණි ලොකුගේ - රුපියල් ලක්ෂ 749යි
ජොන්ස්ටන් ප්‍රනාන්දු - රුපියල් ලක්ෂ 934යි
කෙහෙළිය රඹුක්වැල්ල - රුපියල් ලක්ෂ 959යි

කෙසේ නමුත් පුද්ගලික දේපොළ ගිනි තබා විනාශ කිරීම් සඳහා වන්දි ගෙවීම නිත්‍යානුකූල වන නමුත් අවසානයේ එය ගෙවීමට සිදුව ඇත්තේ අරගල කළ හා නොකළ ජනතාවගෙන්ම අය කර ගත් බදු මුදල් වලිනි.

මැති ඇමැතිවරුන්ගේ පමණක් නොව වෙනත් දේශපාලන පක්ෂ වල පාක්ෂිකයන්ගේ නිවාස පවා මෙලෙස ගිනි තබා තිබු අතර එම නිවාස වලටද වන්දි ලබා දීම සිදුව තිබිණි.

.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us