මන්ත්‍රිවරුන් සඳහා වාහන ආනයනය කිරීමට බලාපොරොත්තුවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක

Published in පුවත්
Thursday, 06 February 2025 08:18

මන්ත්‍රිවරුන් සඳහා වාහන ආනයනය කිරීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවැසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (05 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියේය.

එමෙන්ම,වාහන ආනයනය සඳහා මන්ත්‍රිවරුන්ට බලපත්‍ර ලබානොදෙන බවද ඔහු පැවැසීය.

වසර පහකට පසුව මේ වසරේදී වාහන ආනයනය සඳහා රුපියල් මිලියන 1,000 ත් 1,200 ත් අතර විදෙස් සංචිත ප්‍රමාණයක් වෙන් කර තිබෙන බවද ඔහු කීවේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට සිය රාජකාරි කටයුතු කර ගැනීමට පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය හරහා වාහනයක් ලබාදෙන බවත්,එම වාහනය සංචිතයක තිබෙන වාහනයක් බවත්,මන්ත්‍රී ධූරය වසර පහකින් අවසන් වූ පසුව අදාළ වාහනය රජයට බාරදිය යුතු බවත් ඇමැතිවරයා පැවැසීය.දැනට එවැනි සංචිතයක්ද නොමැති බවද එවැනි සංචිතයක් පවත්වාගෙන යාමට අදහස් නොකරන බවද ඔහු කීවේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us