ජනපති ඇතුළු නායකයින්ගෙන් නිදහස් දින පණිවුඩ Featured

Published in පුවත්
Tuesday, 04 February 2025 08:09

පුනරුද යුගය සඳහා වන සාමූහික ඇරඹුමට එක්වන ලෙස මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවට ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ දූෂිත දේශපාලන තන්ත්‍රයේ දහසක් අවලාද හා බාධාකිරීම් මැද මෙරට පොදු මහජනතාව එක්ව ගොඩනැගූ ජනතා රජය ක්‍රමානුකූලව නමුත් ස්ථාවරය ඉදිරියට යමින් සිටින බවය.

77 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කර තිබේ.

මේ අතර සැබෑ නිදහස යනු අප ජාතියේ ස්වෛරීත්වය පමණක් නොව ගෞරවාන්විතව යුක්තිගරුකව සහ පීඩනයකින් තොරව සෑම දෙනාටම ජීවත්වීමේ අයිතිය තහවුරු කර දීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසන්නීය.

සැබෑ නිදහස හනවුරු කිරීමේ දී වාර්ගික, ආගමික, කුල, ගෝත්‍ර, ස්ත්‍රී පුරුෂ පන්ති භේදයකින් තොරව සෑම දෙනාටම එකාමෙන් ජීවත් වීමේ පරිසරයක් තහවුරු කර දිය යුතු බව ද සිය නිදහස් දින පණිවුඩය තුළින් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙයි.

මේ අතර නිදහසින් අප උරුම කරගත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරලීම මේ මොහොතේ අප සැමගේ වගකීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

77 වන නිදහස් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ ඒ සඳහා වර්තමානය නිවැරදිව කියවා ගනිමින් වර්ගවාදී ආගම්වාදී පටු චින්තන පරදවා ඒකරාශී වීමට නිදහස් දිනය දා අධිෂ්ඨාන කර ගත යුතු බවය.

සැබෑ නිදහස භුක්ති විඳීමට ජනතාවට අවස්ථාව ලබාදිය යුතු බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ ශ්‍රී උපාලි හිමි සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us