අයහපත් කාලගුණික තත්ත්වයෙන් පුද්ගලයින් 92,471ක් පීඩාවට

Published in පුවත්
Sunday, 26 January 2025 08:44

පසුගිය 13 වැනිදා සිට මේ දක්වා පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 27,751කට අයත් පුද්ගලයින් 92,471ක පිරිසක් පීඩාවට පත්ව තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ අයහපත් කාලගුණයෙන් බස්නාහිර පළාත හැර සෙසු පළාත්වලට බලපෑම් එල්ල වූ බවය.

පසුගිය දිනවල ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් වැඩිම බලපෑමක් නැගෙනහිර පළාතට එල්ල වූ අතර අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල පවුල් 17,952කට අයත් පුද්ගලයින් 56,878දෙනෙකු පීඩාවට ලක්ව තිබු බව සදහන් වේ.

එමෙන්ම උතුරු පළාතේ කිලිනොච්චිය, යාපනය, වව්නියාව සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල පවුල් 7970කට අයත් පුද්ගලයින් 29,299 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේය.

උතුරු මැද පළාතේ ද අනුරාධපුර සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල පවුල් 1369කට අයත් පුද්ගලයින් 4599 දෙනෙකු බලපෑමට ලක්ව තිබේ.

මේ අතර අයහපත් කාලගුණයෙන් අර්ධ නිවාස හානි 319ක් සිදුව ඇත.

එමෙන්ම ඊයේ (26) දිනය වන විටත් පළාත් රැසක පවුල් 142කට අයත් 438 දෙනෙකු ආරක්ෂිත ස්ථානවල පසුවන බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සදහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us