අපරාධ කල්ලි මර්දනයට STF යෙදවීමට පියවර

Published in පුවත්
Wednesday, 22 January 2025 09:17

සංවිධානාත්මක අපරාධ කල්ලි අතර වෙඩි තැබීම් මැඩපැවැත්වීමේ අරමුණින් අපරාධ මර්දන මෙහෙයුම් වෙනුවෙන් කොළඹ නගරයේ පොලිස් ස්ථාන සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවීමට පියවර ගෙන තිබේ. 

මෙම වසරේ ගත වූ කාලසීමාව තුළ අපරාධ කල්ලි අතර වෙඩි තැබීම් 07 ක් සිදුවී ඇති අතර, ඉන් බහුතරය වාර්තා වී ඇත්තේ කොළඹ හා තදාසන්න ප්‍රදේශ වලින් බව සඳහන්.

පවතින තත්ත්වය හමුවේ වෙඩි තැබීම් මැඩපැවැත්වීම සඳහා සහාය අවශ්‍ය බව හඳුනාගෙන ඇති පොලිස් ස්ථාන සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ කුඩා කණ්ඩායම් යෙදවීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළේය. 

පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවීමට අමතරව අපරාධ ක්‍රියාකාරකම් බහුලව පවතින ප්‍රදේශවල දිවා හා රාත්‍රී කාලයේදී හදිසි මාර්ග බාධක ස්ථාපිත කර ජංගම මුර සංචාර වැඩි කිරීමට ද පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us