ජනාධිපතිගේ කටුකුරුන්දේ කතාවට දැඩි විවේචන

Published in පුවත්
Tuesday, 21 January 2025 13:50

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (19) කළුතර, කටුකුරුන්ද ප්‍රදේශයේ ජාතික ජන බලවේගය විසින් සංවිධානය කළ ජනහමුවක් අමතමින් සිදු කළ කතාව විවිධ පාර්ශවයන්ගේ දැඩි විවේචනයට ලක්ව ඇති බව වාර්තා වේ.

මෙම කතාව සම්බන්ධයෙන් විපක්ෂය නියෝජනය කරන පාර්ශවවලින් පමණක් නොව, ආණ්ඩු පක්ෂයට සහාය දක්වන පාර්ශ්ව වල ද අසතුට පළ වී ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශවයේ දැඩි විවේචනයට ලක් වී තිබේ. විශේෂයෙන්ම, යුද්ධය අවසන් කළ නායකයෙකුගේ නිල නිවසින් ඔහු එළියට දැමීමට සූදානම් වීම ගැන ඔවුන් දැඩි අදහස් පළ කර තිබේ. එම ප්‍රකාශය සමස්තයෙන්ම ආණ්ඩු පක්ෂයට සහාය දැක්වූ පිරිස් අතර අසන්තෝෂය මතු කිරීමට හේතුවී ඇත.

එමෙන්ම, ආණ්ඩු පක්ෂයට හිතවත් කණ්ඩායම් පවසන්නේ, ජනාධිපතිවරයාගේ මෙම කතාව නිවැරදි සන්නිවේදන කාර්යයකින් තොරව සිදු වු අතර, පොදුජන පෙරමුණට අලුත් ආවේගයක් ලබාදීමට හේතු වූ බවයි.

ජනාධිපතිවරයාගේ කතාවේදී විවිධ ආයතන, ආරක්ෂක අංශ සහ පෞද්ගලික ක්ෂේත්‍ර සම්බන්ධයෙන් කළ ප්‍රකාශ ද අදාළ අංශවල අසතුටට හේතුවී ඇති බව ආරංචි මාර්ග හෙළි කරයි.

ජනාධිපතිවරයා ප්‍රසිද්ධ වේදිකාවක සිට ජනතාව අමතද්දී, රටේ ආර්ථිකය සංවර්ධනය කිරීමට සම්බන්ධිත කරුණු පිළිබඳ සාකච්ඡා කිරීමට ජනතාව බලාපොරොත්තු වී සිටියත්, ඔහුගේ කතාව විවේචන සහ අභ්‍යන්තර මත ගැටුම් වලට වැඩි අවධානය යොමුකළ බවයි විපක්ෂය සහ මධ්‍යස්ථ පාර්ශව චෝදනා කරන ආකාරය.

කෙසේ වෙතත්, මාලිමා පාක්ෂිකයින් කොටසක් ජනාධිපතිවරයාගේ මෙම කතාවෙන් මහත් සතුටට පත්වූ අතර, ඔවුන්ගේ මතය අනුව, මෙම කතාව විපක්ෂ බලවේග පුරා දැඩි බලපෑමක් සිදුකළ බව සමාජ මාධ්‍ය තුළ දැක්විණි.

Last modified on Tuesday, 21 January 2025 14:32

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us