100කට වැඩි පිරිසකට ස්ථාන මාරු යෝජනාව නිසා ඉදිරි විභාග කටයුතුවලට දැඩි බලපෑමක්

Published in පුවත්
Sunday, 19 January 2025 09:22

විභාග දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලයේ සිය දෙනකුට වැඩි පිරිසක් වාර්ෂික ස්ථාන මාරු යටතේ එකවර මාරු කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කළහොත් ඉදිරි විභාග කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල කරන බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පැවැසීය.

ස්ථාන මාරු තීරණය කර ඇත්තේ දෙපාර්තමේන්තුවේ අවශ්‍යතා සම්බන්ධයෙන් කිසිදු අවධානයකින් තොරව වීම මත තත්ත්වය තවත් බරපතළ වී තිබේ. මින් පෙර කිසිම වසරක මෙවැනි ප්‍රමාණයකට එකවර ස්ථාන මාරු ලබා දී නොමැත. ස්ථාන මාරු ලබන පිරිස අතර දෙමළ නිලධාරීහු කිහිප දෙනෙක් ද වෙති. වෙනත් වසරවල ස්ථාන මාරු කෙරෙන දෙමළ නිලධාරීන් සංඛ්‍යාවට සමාන දෙමළ නිලධාරීන් සංඛ්‍යාවක් දෙපාර්තමේන්තුවට පත් කෙරෙන නමුත් මෙවර එවැනි ක්‍රියාමාර්ගයක් ද ගෙන නැත. සිංහල හා දෙමළ මාධ්‍ය දෙකෙන් ම විභාග පැවැත්වෙන හෙයින් දෙමළ නිලධාරීන් දෙපාර්තමේන්තුවට අත්‍යවශ්‍ය බව ඉහත ආරංචි මාර්ග සඳහන් කළේය.

ස්ථාන මාරු ලැබීමට නම් කර සිටින ඇතැම් නිලධාරීන් දෙපාර්තමේන්තුවේ අවශ්‍යතාව මත කර තිබෙන අභියාචනා ද මේ දක්වා කිසිදු සැලකිල්ලකට භාජනය කර නොමැත. විභාග කටයුතු සඳහා අත්‍යවශ්‍ය නිලධාරීන් ස්ථාන මාරු නොකරන ලෙසට විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වා ඇත්තේ එම නිලධාරීන් ඇතුළු සියලු නිලධාරීන්ගේ ස්ථාන මාරු මාර්තු මස 31 වැනිදා දක්වා අත්හිටුවීම පමණි.

විභාග කටයුතුවලට ඉදිරියේ ඇති විය හැකි අහිතකර බලපෑම වගකිව යුත්තන්ගේ අවධානයට යොමු නොවුවහොත් බරපතළ තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වීම නොවැළැක්විය හැකි බව ද ඉහත ආරංචි මාර්ග පැවැසීය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us