'නව රජයේ වැඩපිළිවෙල සමග පොලීසියේ කාර්යභාරය' යන තේමාව යටතේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේය.
විදෙස් රටවල සිටින අපරාධකරුවන් සම්බන්ධයෙන් රතු නිවේදන ලබාගෙන ඉතා ඉක්මනින් ලංකාවට රැගෙන ඒමට කටයුතු කරන බව ඔහු එහිදී පවසා සිටියේය.
අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට පොලීසියට වගකීමක් ඇති බවත් පසුගිය කාලයේදී අපරාධ මර්දනය සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වීමෙන් අපරාධකරුවන් බිහිවීම වැඩි වූ බවත් වැඩබලන පොලිස්පතිවරයා අවධාරණය කර සිටියේය.