දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කරයි

Published in පුවත්
Saturday, 18 January 2025 13:46

දුම්රිය ගමන් වාර 12ක් පමණ අද (18) දිනයේත් අවලංගු කිරීමට සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කෙටි ගමන් සේවා යටතේ කොළඹ කොටුවට පැමිණෙන දුම්රිය 06ක් සහ කොටුව සිට ආරම්භ කිරීමට නියමිත දුම්රිය 06ක් මෙලෙස අවලංගු කර තිබේ.

කෙසේ වෙතත් අද රාජකාරී දිනයක් නොවන බැවින් සවස් කාලයේ දුම්රිය අවලංගු කිරීමක් සිදු නොවනු ඇති බව සඳහන්ය.

දුම්රිය රියදුරු ⁣හිඟය හේතුවෙන් ඊයේ (17) දිනයේද දුම්රිය 25ක් පමණ අවලංගු කිරීමට සිදුවිය.

දුම්රිය රියදුරු දෙවන ශ්‍රේණියේ සිට පළමු ශ්‍රේණියට උසස් කිරීම සඳහා පැවැත්වෙන විභාගයට රියදුරන් සූදානම් වීම හේතුවෙන් මෙලෙස දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට සිදුව ඇත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us