අලුතින් ගේන වාහනවලට 500%ක බද්දක් ! Featured

Published in පුවත්
Monday, 13 January 2025 08:39

වාහන ආනයන බදු ප්‍රතිශතවල එකතුව සියයට 400ත් 500ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙයි.

වාහනයේ වටිනාකම මත විශේෂ ආනයන බද්ද, සුඛෝපභෝගී බද්ද (wealth tax) හා සියයට 18ක වැට් බද්ද (vat) වාහනයේ මිලට ඉදිරියේදී එකතුවීම මීට හේතුව බව ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

මේ අනුව, පවතින වාහන මිලට වඩා සුළු වශයෙන් වාහන මිල ඉහළ යෑමක් බලාපොරොත්තු විය හැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මේ පිළිබඳව පැවැසීය.

නිෂ්පාදිත දිනයේ සිට අවුරුදු 10ට නොවැඩි වාහන සඳහා එන්ජින් ධාරිතාව අනුව සියයට 200ත් 300ත් ප්‍රමාණයක බදු ප්‍රතිශත මුදල් අමාත්‍යවරයා වන ජනාධිපතිවරයා ගැසට් නිවේදනයක් මගින් පනවා ඇත.

පෙබරවාරි මාසයේ සිට ආනයනය කරනු ලබන වාහන සඳහා එන්ජින් ධාරිතාව මත අයකරන බදු එම ගැසට් නිවේදනය මගින් පෙන්වා දී තිබේ.

එන්ජින් ධාරිතාව 660 CC වාහන සඳහා පැවැති බද්ද ලක්ෂ 16ක් පමණ වන අතර නව බදු ප්‍රතිශතවලට අනුව එය ලක්ෂ 18ක් පමණ වන බව ත් එන්ජින් ධාරිතාව 1000 CC වාහන සඳහා පැවති බද්ද ලක්ෂ 20ක් පමණ වන අතර එය ලක්ෂ 24ක් පමණ වන බව ත් වාහන ආනයනකරුවන් පවසයි.

මේ අතර, එන්ජින් ධාරිතාව 1500 CC වාහන සඳහා ලක්ෂ 55ක් ලෙස පැවති බදු ලක්ෂ 66ක් පමණ වනු ඇති බවත් ආනයනකරුවන් සඳහන් කළේ ය.

වාහන කාණ්ඩවල එන්ජින් සිලින්ඩර ධාරිතාව සහ කිලෝවොට්වලින් මනිනු ලබන මෝටර් බලය මත පදනම්ව බදුවලට යටත් කර ඇත.

කෙසේ වෙතත්, වාහන ගෙන්වීමට හැකි අවුරුදු සීමා තීරණය කර නැති බැවින් වාහන මිල ගණන් නිශ්චිත ලෙස දැන්ම කීමට නොහැකි බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ ‘මව්බිම’ කළ විමසීමකදී කීවේය.

එසේ ම, සියලු ම ආකාරයේ බදු එකතු කිරීමට පසුව අවසන් මිලක් ගණනය කිරීමට හැකිවනු ඇති බව ඔහු පැවසීය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us