පෞද්ගලික අංශයට සහල් ආනයනය කිරීමට ලබාදී තිබූ කාලය අදින් අවසන්

Published in පුවත්
Friday, 10 January 2025 09:10

පෞද්ගලික අංශයට සහල් ආනයනය කිරීමට ලබාදී තිබූ කාලය අද (10 වැනිදා) මධ්‍යම රාත්‍රියෙන් අවසන්වීමට නියමිතය.

සහල් ආනයනය සඳහා ඉකුත් දෙසැම්බර් මස 04 වැනිදා සිට 20 වැනිදා දක්වා පෞද්ගලික අංශයට අවස්ථාව ලබාදී තිබූ අතර එය යළි අද (10 වැනිදා) දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කරන ලදී.

පෙරේදා (08 වැනිදා) දහවල් 12 වන විට ආනයනය කර රේගුවෙන් නිශ්කාෂණය කර තිබූ සමස්ත සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 115,000 කි.

කෙසේ නමුත්, රතු කැකුළු සහල් මෙට්‍රික් ටොන් 2,600 ක් ආනයනය කිරීම සඳහා ලංකා සතොස ආයතනය විසින් ලංසු කැඳවා තිබේ.

ලංකා සතොස ආයතනය විසින් මීට පෙරදීද සහල් මෙට්‍රික් ටොන් 5,200 බැගින් ටෙන්ඩර් දෙකක් විවෘත කිරීමට අදාළව ලංසු කැඳවූ අතර එම ටෙන්ඩර් දෙකම ප්‍රතික්ෂේප විය.

රතු කැකුළු ආනයනය කිරීමට අදාළව ලංසු කැඳවීම පෙරේදා (09 වැනිදා) ආරම්භ කෙරුණු අතර එය මෙම 16 වැනිදායින් අවසන් වීමට නියමිතය.

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us