සෞඛ්‍ය අමාත්‍යංශය චක්‍රලේඛ නොතකා කෝටි ගණනින් අතිකාල දීමනා අරන් Featured

Published in පුවත්
Thursday, 09 January 2025 10:47

සෞඛ්‍ය අමාත්‍යාංශය 2023 වර්ෂයේදී භාණ්ඩාගාර ලේකම්වරයාගේ චක්‍රලේඛයට පටහැනිව අතිකාල හා අනිවාර්ය දින වැටුප් සඳහා රුපියල් කෝටි 3823කට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.

අතිකාල හා නිවාඩු දින වැටුප් වෙනුවෙන් වැය කර තිබු මුළු මුදල වටුපිරිවයෙන් සියයට 72 ක් බවද එම වාර්තාවේ දැක්වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය රෝහල් හා ආයතන සඳහා රුපියල් කෝටි තුනකට වැඩි මුදලක් වැය කර ස්ථාපනය කර තිබූ ඇඟිලි සලකුණු යන්ත්‍ර 213ක් නිෂ්ක්‍රීයව පැවැති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

එම යන්ත්‍ර ක්‍රියාත්මක නොවන්නේ නම් වර්තමාන වැටුපට අනුව අධිකාල දීමනා නොගෙවීමට භාණ්ඩාගාර ලේකම්වරයා 201 2017 ජුලි මස පළවෙනිදා සිට අතිකාල දීමනා නොගෙවන ලෙස උපදෙස් දී තිබියදී ඊට පටහැනිව වර්තමාන වැටුප පදනම් කරගෙන 2023 වර්ෂයේ දී මෙලෙස අතිකාල හා නිවාඩු දින වැටුප් ගෙවා තිබූ බව වාර්තාව සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළව තිරසර සංවර්ධන දර්ශක තිස් එකක් හඳුනාගෙන තිබුණු අතර ඉන් දර්ශක දහතුනක් සඳහා 2023 වර්ෂයට අදාල ප්‍රගතිය වාර්තා කර නොතිබූ බව පවසන එම වාර්තාව ප්‍රගතිය වාර්තා කරන ලද දර්ශක දොළහකට අදාළ දර්ශක වල අවශ්‍ය කාර්ය සාධන මට්ටම කරා ළඟා වී නොතිබූ බවද සඳහන් කරයි.

 

 

Last modified on Thursday, 09 January 2025 10:48

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us