H.M.P.V වෛරසය මෙරට තුළ ද ඇතැම් අවස්ථාවල හදුනාගත් වෛරස් රෝගී තත්ත්වයක්

Published in පුවත්
Tuesday, 07 January 2025 14:25

ලෝකයේම අවධානය යොමු වී ඇති චීනයේ ව්‍යාප්ත වන එච්.එම්.පී.වී වෛරසය මෙරට තුළ ද ඇතැම් අවස්ථාවල හදුනාගත් වෛරස් රෝගී තත්ත්වයක් බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස් රෝග විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ පවසයි.



එම වෛරසය සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සදහන් කළේය.

සාමාන්‍ය කැස්ස, හෙම්බිරිස්සාව, මද උණ ගතිය අදාළ වෛරසයේ රෝග ලක්ෂණ බව ‍විශේෂඥ වෛද්ඊ‍යවරයා කීය.

ඊට අමතරව නිදන්ගත රෝග සහිත පුද්ගලයින්ගේ හුස්ම ගැනීමේ අපසුතාවයකට පත්ව නියුමෝනියාව තත්ත්වයට පත්වීමට හැකි බව ද පවසනු ඔහු තවදුරටත් කියාසිටියේ එවැන්නක් සිදුවන්නේ කලාතුරකින් බවයි.

"ඒක හැමෝටම සිද්ධ වෙන්නේ නෑ. මෙය මාරාන්තික වීමේ සම්භාවිතාව ඉතාමත් අඩුයි. දවස් කිහිපයක උණ, කැස්ස හෙම්බිරිස්සාවෙන් පස්සේ බොහෝ දෙනාට මේක හොඳ වෙනවා. මේ හැදුනා කියලා ටෙස්ට් කිරීමේ අවශ්‍යතාවයක් නෑ." යැයිද විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.

මේ අතර මෙම වෛරසය පිළිබඳ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් පැහැදිලි කිරීමක් කර තිබේ. එම සටහන පහතින් දැක්වේ.

උතුරු චීනයේ, විශේෂයෙන්ම ළමුන් අතර ස්වසන රෝග වල වැඩි වීමක් පෙන්නුම් කරන වාර්තා ඔබ දැනටමත් සමාජ මාධ්‍ය හරහා දැක ඇති. චීන සෞඛ්‍ය බලධාරීන් තහවුරු කරන අන්දමට මෙම රෝගී තත්වයන්ට හේතුව ඉන්ෆ්ලුවෙන්සා (Influenza), රෙස්පිරේටරි සින්සිටියල් වෛරසය (Respiratory Syncytial Virus- RSV) සහ මානව මෙටානියුමෝ වෛරසය (Human Metapneumovirus - HMPV) යන හඳුනාගත් සාමාන්‍ය ශ්වසන රෝග වෛරසයන් වේ. මෙහිදී නව හෝ අසාමාන්‍ය ව්‍යාධිජනකයන් හඳුනාගෙන නොමැති වීම වැදගත් කරුණකි.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ප්‍රකාශ කරන ආකාරයට මෙවැනි තත්වයක් අනපේක්ෂිත නොවන බවත්, අනෙකුත් රටවල නිරීක්ෂණය කරන ලද රටාවන්ට මම තත්වය සමාන බවත්ය. වත්මන් ශ්වසන රෝග රැල්ල පෙර වසරවලට වඩා අඩු මට්ටමක පවතින බවත්, රෝහල් රෝගීන් ඵලදායී ලෙස කළමනාකරණය කරන බවත් චීන බලධාරීහු සහතික කරති. ශ්‍රී ලංකාව තුළ මේ සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයක් පැනනැගී නොමැත. අපගේ සෞඛ්‍ය බලධාරීන් මේ පිළිබඳව අවධානයෙන් පසුවන අතර මහජන ආරක්ෂාව සහතික කිරීම සඳහා ගෝලීය සෞඛ්‍ය තත්වයන් පිළිබඳ අඛණ්ඩව අධීක්ෂණය කරමින් පසුවෙයි.

Leave a comment

ld add copy

Gossip

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

Connet With Us