පසුගිය වසර තුළ රේගුවේ 40 කට වංචා - දූෂණ චෝදනා එල්ල වෙලා

Published in පුවත්
Sunday, 05 January 2025 09:35

ශ්‍රී ලංකා රේගුවේ වංචා සහ දූෂණ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති නිලධාරීන් 40 කට පමණ මේ වන විට විනය පරීක්ෂණ සිදු කරමින් ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා රේගුවට වංචා සහ දූෂණ සම්බන්ධයෙන් චෝදනා එල්ල වන නමුදු දූෂිත රේගුව නොව ඇතැම් නිලධාරීන් යැයි සඳහන් කරන ඒ මහතා 2024 වසරේ වංචා සහ දූෂණවලට සම්බන්ධ බවට සැකපිට රේගු නිලධාරීන් සය දෙනකු වැඩ තහනමට ලක් කර ඇතැයි ද තවත් පිරිසක් සේවයෙන් පහකර ඇති අතර තවත් පිරිසකට දඬුවම් පමුණුවා ඇතැයි ද ප්‍රකාශ කරයි. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් පනවා තිබූ නඩුවකින් වරදකරුවන් බවට පත් රේගු නිලධාරීන් සිව්දෙනකුට පසුගිය දිනවල වසර 35 ක සිරදඬුවම් නියම කර තිබේ.

වංචා දූෂණ සම්බන්ධයෙන් මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් එම තත්ත්වය අවම වී ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එක් යෝජනාවක් අනුව රේගු දෙපාර්තමේන්තුව තුළ අභ්‍යන්තර කටයුතු අංශයක් ආරම්භ කර තිබේ. ඒ අනුව දූෂිත නිලධාරීන් සම්බන්ධයෙන් එම නිලධාරියාගේ නම සහ තනතුර සමඟ පැමිණිලි කිරීමට මහජනතාවට අවස්ථාව සැලසේ. ලැබෙන සෑම පැමිණිල්ලක් සම්බන්ධයෙන්ම විමර්ශනයක් සිදුකොට එම පුද්ගලයන්ට දඬුවම් කරන බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

- දේශය

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us